IMG-LOGO

2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා


බොරතෙල් මිල ඩොලර් 100න් පහළට


ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පසුගිය මාසයකට ආස පැවැති ඩොලර් 100ක සීමාවෙන් පහළට පැමිණීමක් ඊයේ (06) දැකගත හැකි විය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 98.43ක් දක්වාත්, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බැරලයක මිල ඩොලර් 87.84ක් දක්වාත් පහත වැටී තිබුණි.  

මැදපෙරදිග කලාපයේ ඉන්ධන අපනයනය යළිත් යම් මට්ටමකින් යථා තත්වයට පත්වීම සහ G7 රාජ්‍යන් සිය ඉන්ධන සංචිත නිකුත් කිරීමට පියවර ගැනීමත් මෙලෙස ඊයේ බොරතෙල් මිල පහළ වැටීමට හේතු විය. 

මැදපෙරදිග යුද ගැටුම් තත්වය යළි වර්ධනය වූ සැප්තැම්බර් 09 වැනිදා සිට මෙලෙස බොරතෙල් බැරලයක් යළිත් ඩොලර් 100 ඉක්මවිණි. කෙසේ වෙතත් බොරතෙල් නෞකා ප්‍රවාහනය තවදුරටත් ගැටලුවක් වී තිබේ.



අදහස් (0)

බොරතෙල් මිල ඩොලර් 100න් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site