IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


බොර තෙල් කොන්ත්‍රාත්තුව සිංගප්පූරැවේ BB Energy Asia සමාගමට


නිමල කොඩිතුවක්කු


මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග හතරක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2026-01-01 දින සිට 2026-04-30 දින දක්වා මාස හතරක කාලයක් සඳහා මර්බන් වර්ගයේ බොරතෙල් නැව් තොග 04 ක් මිල දී ගැනීම සඳහා, ගබඩා ගත ටැංකිවලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය සහ ලංකා බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් හරහා දින 30 කින් ගෙවීමේ ක්‍රමවේදය යන විකල්ප දෙක යටතේ, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ.

ඒ සඳහා ලංසු 06ක් ඉදිරිපත්ව ඇත. 

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ ලංසු ඇගයීමෙන් අනතුරුව කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සිංගප්පූරුවේ M/s BB Energy Asia Pte. Ltd. වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

බොර තෙල් කොන්ත්‍රාත්තුව සිංගප්පූරැවේ BB Energy Asia සමාගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site