IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


බිම් මල් වගාව ජනප්‍රිය කිරීමට පිටිගලදී සැණකෙළියක්


 


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


බිම් මල් වගාව ජනප්‍රිය කරවීමේ අරමුණින් දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධානය කළ බිම් මල් සැණකෙළියක් නියාගම ප්‍රාදේශීය සභාපති සිදත් කුමර මහතාගේ ප්‍රධානත්වයෙන් පිටිගල නගර මධ්‍යයේදී පැවැත්විණ.

මේ බිම් මල් සැණකෙළිය නැරඹීමට පැමිණි අයට ස්වයං රැකියාවක් ලෙස බිම් මල් වගාවට අවශ්‍ය ඉතා උසස් තත්වයේ බීජ හා ඒ සඳහා අවැසි උපකරණ සහන මිලට මිලදී ගැනීමට අවස්ථාව සලසාදීම, නෙක නෙක අයුරින් බිම් මල් අනුසාරයෙන් සැකසුණු කෑම ජාතිවල රස බැලීමට නොමිලයේ අවස්ථාව ලබාදීම සහ බිම් මල් වගාවට අවශ්‍ය තාක්ෂණික දැනුම නොමිලයේ ලබාදීමට අවස්ථාව ලබාදී තිබිණ.

පිටිගල නගරයේ පැවති මේ අපූරු බිම් මල් සැණකෙළියට ආශිර්වාද කිරීමට සහ එම සැණකෙළිය පැවැත්වූ සංවිධායකයන් දිරිමත් කිරීමට පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලා සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂක අනුර අතුකෝරළ පැමිණ සිටීම විශේෂත්වයකි.
මේ අවස්ථාවට දකුණු පළාත් කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගිවී සිටියහ.



අදහස් (0)

බිම් මල් වගාව ජනප්‍රිය කිරීමට පිටිගලදී සැණකෙළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site