IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


බන්ධනාගාරට ආහාර ද්‍රව්‍ය සැපයීමට රුපියල් මි.4,317 ක කොන්ත්‍රාත්තුවක්


නිමල කොඩිතුවක්කු


බන්ධනාගාර දෙපාර්ත-මේන්තුවට ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

2025/26 වර්ෂයට අදාළව බන්ධනාගාර ආයතන 31 ක් සඳහා ආහාර කාණ්ඩ 11ක් යටතේ ආහාර ද්‍රව්‍ය සපයා ගැනීම පිණිස සැපයුම්කරුවන් තෝරා ගැනීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ලංසු කැඳවා ඇත.

ඒ අනුව ලැබී ඇති ලංසු 945ක් ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, 2025/26 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ආහාර ද්‍රව්‍ය සැපයීම පිණිස වන කොන්ත්‍රාත්තු රුපියල් මිලියන 4,317 ක් වන මුළු මුදලකට, තෝරා ගනු ලැබ ඇති සැපයුම්කරුවන් වෙත ප්‍රදානය කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

බන්ධනාගාරට ආහාර ද්‍රව්‍ය සැපයීමට රුපියල් මි.4,317 ක කොන්ත්‍රාත්තුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site