IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


බෙන්තොට තාල හෝටලයේ නත්තල් කේක් මිශ්‍රණය කිරීමක්

තුසිත කුමාරද සිල්වා


බ්‍රවුන්ස් හෝටල් සමූහයට අයත් තාල බෙන්තොට හෝටලය එළැඹෙන නත්තලට සැරසෙමින් කිලෝ 250ක බරකින් නිෂ්පාදනය සඳහා වන “නත්තල් කේක් මිශ්‍රණය” උත්සවශ්‍රීයෙන් ඉකුත්දා දෙස් විදෙස් සංචාරකයන්ගේ සහභාගිත්වයෙන් එම හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.
එම හෝටලයේ කළමනාකාර රොහාන් ගමගේ ඇතුළු කාර්ය මණ්ඩලය මේ කටයුත්ත සංවිධානය කර තිබිණ. 
තාල බෙන්තොට හා ඔක්සිඩන්ටල් ඊඩ්න් කළමනාකාර රොහාන් ගමගේ, බ්‍රවුස් හෝටල් සමූහයේ ජ්‍යෙෂ්ඨ විධායක සුපවේදී දිපාල් අල්විස්, විධායක සූපවේදී නාලක දිනේන්ද්‍ර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකළ මෙම කේක් මිශ්‍ර කිරීමේ අවස්ථාවට එක් වීමට විදේශීය විශාල පිරිසක්ද උනන්දුවක් දැක්වූහ. 



අදහස් (0)

බෙන්තොට තාල හෝටලයේ නත්තල් කේක් මිශ්‍රණය කිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site