IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


පළමු මාස හතරේදී රජයේ ආදායම් හා ප්‍රදාන රු. බි.236.60 කින් ඉහළට

  • මාස හතරේ රජයේ ආදායම් හා ප්‍රදාන වටිනාකම රුපියල් බිලියන 1,454.67 ක්
  • පසුගිය වසරේ පළමු මාස හතරට සාපේක්ෂව සියයට 19.42 ක වර්ධනයක්
  • රජයේ බදු ආදායම රුපියල් බිලියන 1,349.07 ක්
  • බදු නොවන ආදායම රුපියල් බිලියන 104.23 ක්

විමුක්ති එස්. රුද්‍රිගු


මෙම වසරේ පළමු මාස හතර තුළ රජයේ ආදායම් හා ප්‍රදාන වටිනාකම රුපියල් බිලියන 1,454.67 ක් වන බවත් එය පසුගිය වසරේ පළමු මාස හතරට සාපේක්ෂව සියයට 19.42 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය වසරේ පළමු මාස හතරේදී රජයේ ආදායම් හා ප්‍රදාන වටිනාකම රුපියල් බිලියන 1,218.07 ක් වූ බවත් ඊට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හතරේදී රජයේ ආදායම් හා ප්‍රදාන රුපියල් බිලියන 236.60 කින් ඉහළ ගොස් තිබෙන බවත් එම දත්ත වාර්තාවල සඳහන් වේ. එහිදී මෙම වසරේ පළමු මාස හතරේ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1,349.07 ක් බව එම දත්ත වාර්තාවල දැක්වේ. පසුගිය වසරේ පළමු මාස හතර තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1,117.76 ක් ලෙස සටහන් වූ අතර ඊට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හතරේදී රජයේ බදු ආදායම රුපියල් බිලියන 231.31 කින් ඉහළ ගොස් ඇත.
රජයේ බදු නොවන ආදායම මෙම වසරේ පළමු මාස හතරේදී රුපියල් බිලියන 104.23 ක් වන අතර පසුගිය වසරේ පළමු මාස හතරේදී රජයේ බදු නොවන ආදායම රුපියල් බිලියන 98.27 ක් විය. කෙසේ නමුත් මෙම වසරේ පළමු මාස හතර තුළදී ලැබුණු ප්‍රදානයන්ගේ වටිනාකම රුපියල් බිලියන 1.37 ක් ලෙස සටහන් වන අතර එය පසුගිය වසරේ පළමු මාස හතරට සාපේක්ෂව සෘණාත්මක වර්ධනයකි. 



අදහස් (0)

පළමු මාස හතරේදී රජයේ ආදායම් හා ප්‍රදාන රු. බි.236.60 කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site