විමුක්ති එස් රුද්‍රිගු
විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ පළමු මාස 4 මෙරටට ඒවා ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් බවත් එය පසුගිය වසරේ පළමු මාස 4 ට සාපේක්ෂව සියයට 18.3 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.
පසුගිය වසරේ පළමු මාස 4 තුළ විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.07 ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ඒවා තිබිණි. එසේම පසුගිය අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 646.1 ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා තිබූ අතර, එය 2024 වසරේ අප්‍රේල් මාසය සමග සංසන්දනය කරන විට සියයට 18.8 වර්ධනයකි. 2024 වසරේ අප්‍රේල් මාසයේදී විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 543.8 ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ඒවා තිබිණි.
2024 වසරේදී විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයන් වාර්තාගත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.58 ක මුදලක් විදේශ ප්‍රේෂණ ලෙස මෙරටට ඒවා තිබුණේය.
පළමු මාස හතරේදී මෙරටට ඒවා ඇති විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 2.46 ක්