IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


පළමු මාස 6 දී ඩො. මි. 1,358.9ක ණය සහ පොලී ගෙවලා

  • එයින් ඩොලර් මිලියන 863.6 ක් ණය මුදල ආපසු ගෙවීම්
  • තවත් ඩොලර් මිලියන 495.3 ක් පොලී ගෙවීම් 

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාව මෙම වසරේ පළමු මාස 6දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,358.9 ක ණය සහ පොලී ගෙවීම් සිදුකර තිබෙන බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ වර්තාවක දැක්විණි.

ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 863.6 ක් ණය මුදල ආපසු ගෙවීම් බවත් තවත් ඩොලර් මිලියන 495.3 ක් පොලී ගෙවීම් බවත් එම වාර්තාව පෙන්වා දුන්නේය. එම වාර්තාවට අනුව මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට නොපියවූ විදේශ ණය හිඟ ගෙවීම් නොමැත.

ණය සහ පොලී ගෙවීම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 547.1 ක මුදලක් ගලාවිත් ඇති අතර ඉතිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහාය ලැබී ඇත.



අදහස් (0)

පළමු මාස 6 දී ඩො. මි. 1,358.9ක ණය සහ පොලී ගෙවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site