×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
පළමු මාස 10දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.659 ක ආදායමක්
කතෘ මණ්ඩලය 2025 නොවැම්බර් මස 17
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
පසුගිය වසරට සාපේක්ෂව
සියයට 4.9 ක වර්ධනයක්
ඔක්තෝබර් මාසයේදී ඩොලර්
මිලියන 186.1ක්
මුදලක් උපයලා
මෙම වසරේ සංචාරක
ආදායම් ඉලක්කයට වන
ළඟා වීමට ඉතිරි දින 60 කදී
තවත් බිලියන 2.341 ක්
සංචාරක ක්ෂේත්‍රයෙන්
උපයා ගත යුතුයි
විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ පළමු මාස 10 තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.659 ක ආදායමක් උපයා ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 4.9 ක වර්ධනයක් බවත් මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. පසුගිය වසරේ පළමු මාස 10දී සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.533 ක මුදලක් ශ්‍රී ලංකාව උපයා තිබිණි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙන් සියයට 3 ක ප්‍රතිශතයකට දායකත්වය සපයන සංචාරක ඉපයීම් මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 186.1ක් මුදලක් උපයා තිබූ අතර එය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව සියයට 0.27 ක වර්ධනයක් විය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 185.6ක් වූවේය.
පසුගිය ජූලි සහ අගෝස්තු මාසයේදී මෙරට සංචාරක ඉපැයීම් සෘණාත්මක වර්ධනයක් පෙන්නුම් කිරීමෙන් පසුව ඔක්තෝබර් මාසයේදී මෙලෙස සියයට 0.27 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
ඒ අනුව මෙම වසරේ සංචාරක ආදායම් ඉලක්කය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 5ට ළඟා වීම සඳහා ඉතිරි දින 60 ක කාලය තුළදී තවත් බිලියන 2.341 ක මුදලක් සංචාරක ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව උපයා ගත යුතුව තිබේ.
මෙම වසරේ පළමු මාස 10දී මෙරටට සංචාරකයන් 1,890,687 ක් මෙරට පැමිණ ඇති අතර එය පසුගිය වසරේ පළමු මාස 10 ට සාපේක්ෂව සියයට 16.7 ක වර්ධනයකි.
අදහස් (0)
පළමු මාස 10දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.659 ක ආදායමක්
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
පළමු මාස 10දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.659 ක ආදායමක්