පසුගිය වසරේ පළමු කාර්තුවේදී මෙරට විරැකියා අනුපාතය සියයට 4.5 ක්
වැඩිම විරැකියා අනුපාතයක් තිබෙන්නේ වයස අවුරුදු 20ත් 24ත් වයස් කාණ්ඩයේ. එම අනුපාතය සියයට 18.3 ක්
අඩුම විරැකියා අනුපාතයක් තිබෙන්නේ පිරිමි පුද්ගලයන් අතර
වැඩකරන වයසේ සිටින ජනගහනයෙන් ලක්ෂ 81 ක් රැකියාවක නිරතයි
විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරට විරැකියා අනුපාතය 3.8 දක්වා පහළ ගොස් ඇති බවත් පසුගිය වසරේ පළමු කාර්තුවේදී මෙරට විරැකියා අනුපාතය සියයට 4.5 ක් වූ බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
එහිදී අඩුම විරැකියා අනුපාතයක් තිබෙන්නේ පිරිමි පුද්ගලයන් අතර බවත් පසුගිය වසරේ පළමු කාර්තුවේදී මෙරට පිරිමි පුද්ගලයන් අතර විරැකියා අනුපාතය සියයට 2.5 ක් බවත් එම දත්ත වාර්තාවේ දැක්වේ. එසේම වැඩිම විරැකියා අනුපාතයක් තිබෙන්නේ කාන්තාවන් අතර බවත් කාන්තාවන් අතර මෙම වසරේ පළමු කාර්තුවේදී විරැකියා අනුපාතය සියයට 6.3 ක් බවත් එම වාර්තාවේ සඳහන් වේ.
කෙසේ නමුත් කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් අතර විරැකියා අනුපාතය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී පහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තාව පෙන්වා දෙයි.
මෙරට වැඩිම විරැකියා අනුපාතයක් තිබෙන්නේ වයස අවුරුදු 20ත් 24ත් වයස් කාණ්ඩයේ සිටින ශ්‍රී ලාංකිකයන් අතර වන බවත් එම වයස් කාණ්ඩයේ විරැකියා අනුපාතය සියයට 18.3 ක් බවත් එම දත්ත වාර්තාවේ දැක්වේ.
එසේම මෙරට වැඩකරන වයසේ සිටින ජනගහනයෙන් ලක්ෂ 81 ක් රැකියාවක නිරත වන බවත් ඉන් ලක්ෂ 54 ක් පිරිමි පුද්ගලයන් බවත් එම දත්ත වාර්තාවේ සඳහන් වේ. එම දත්ත වාර්තාවට අනුව මෙරට වැඩකරන වයසේ සිටින කාන්තාවන්ගෙන් රැකියාවක නිරත වන්නේ ලක්ෂ 27 ක් පමණි.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගිය 16 වැනිදා නිකුත් කළ මෙම වසරේ පළමු කාර්තුව සඳහා වන ශ්‍රම බළකා සහභාගීත්ව සමීක්ෂණ වාර්තාවේ මෙම තොරතුරු සඳහන් වේ.
පළමු කාර්තවේදී විරැකියා අනුපාතය 3.8 දක්වා පහළ ගිහින්