භානුක අමරසිංහ
මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 3,477,088ක් ලෙස සටහන්ව ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙය 2024 පළමු කාර්තුවේදී වාර්තා කළ රුපියල් මිලියන 3,318,769 ක දළ දේශීය නිෂ්පාදිතය හා සැසඳීමේදී සියයට 4.8ක වර්ධනයකි.
2025 පළමුවැනි කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තුව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කරයි.
මෙහිදී 2025 පළමු කාර්තුවේදී කෘෂිකර්මාන්තය සියයට 7.6කින්ද, කර්මාන්ත සියයට 26.7 කින්ද, සේවා සියයට 57.4 කින්ද දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වය ලබා දී තිබේ. ඒ අනුව 2024 පළමු කාර්තුව හා සැසඳීමේදී කෘෂිකාර්මික ආර්ථික කටයුතු සියයට 0.7 ක ඍණ වර්ධන වේගයක්ද, කාර්මික සහ සේව ආර්ථික කටයුතු පිළිවෙළින් සියයට 9.7 ක සහ සියයට 2.8ක ධන වර්ධන වේගයක් වාර්තා කර තිබේ.
පළමු කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 4.8ක වර්ධනයක්