IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්

 

  • පළමු කාර්තුව සඳහා රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 1064.66 ක්. රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 1562.94 ක්

විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත් කළ නවතම කාර්තුමය මූල්‍ය කාර්ය සාධන වාර්තාව අනාවරණය කළේය.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 53 (1) වගන්තියට අනුකූලව මෙරට මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව ප්‍රකාශයක් කාර්තුමය වශයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය. ඊට අනුකූලව මෙම වසරේ ජනවාරි මස 1 වැනිදා සිට මාර්තු මස 31 වැනිදා දක්වා කාලය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් මෙම මූල්‍ය කාර්ය සාධන වාර්තා පිළියෙළ කරනු ලැබ තිබිණි.

එම වාර්තාවට අනුව පළමු කාර්තුව සඳහා රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන1064.66 කි. පළමු කාර්තුවේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 1562.94 ක් වේ.

රජය පළමු කාර්තුවේදී රජය බදු ආදායම ලෙස රුපියල් බිලියන 970.58 ක්, බදු නොවන ආදායම ලෙස රුපියල් බිලියන 87.26 ක්, ප්‍රාග්ධන ආදායම රුපියල් බිලියන 5.77 ක්, ප්‍රදාන ලෙස රුපියල් බිලියන 1.05 ක් උපයා ඇත.

ඊට සාපේක්ෂව පැවැත එන වියදම් ලෙස පළමු කාර්තුවේදී රුපියල් බිලියන 1226,55 ක සහ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 336.39 ක මුදලක් රජයට වියදම් වී තිබිණ. 

 



අදහස් (0)

පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site