IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


පාසල් සිසුන් 250,000 කට ආහාර සැපයීමට ගෝලීය විලාසිතා සන්නාමයකින් රුපියල් කෝටි 820ක්

මෙම පරිත්‍යාගය යටතේ පාසල් 30 ක යටිතල පහසුකම් දියුණු කෙරෙනු ඇති

ඇතැම් පාසල්වලට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන මුළුතැන් ගෙවල්


විමුක්ති එස්. රුද්‍රිගු


ලෝක ආහාර වැඩසටහන මෙරට ක්‍රියාත්මක කර ඇති පාසල් ආහාර වැඩසටහන දිස්ත්‍රික්ක 8ත් 10ත් අතර ගණනකින් පුළුල් කරමින් පාසල් ළමයින් 250,000 කට ආහාර සැපයීමට ගෝලීය විලාසිතා සන්නාමයක් වන මයිකල් කෝර්ස් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.7 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 820ක් පමණ) මුදලක් පරිත්‍යාග කර ඇත.

එම සන්නාමයේ හිමිකරු වන මයිකල් කෝර්ස් පවත්වාගෙන යන “වොච් හන්ගර් ස්ටොප් කඳවුර”‍ හරහා මෙම පරිත්‍යාගය සිදුකර තිබේ. පාසල් ළමයින් 250,000 ක් සඳහා වසර තුනක් පුරාවට ආහාර සැපයීමට මෙම මුදල ප්‍රමාණවත් බව ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කර ඇත. එසේම මෙම පරිත්‍යාගය නැවුම් සහ දේශීය වශයෙන් ලබාගත් නිෂ්පාදන ආහාර සපයන්නන්ට ලබාදීමට සහාය වනු ඇති බවද ලෝක ආහාර වැඩසටහන පැවැසුවේය.

මෙම පරිත්‍යාගය යටතේ පාසල් 30 ක යටිතල පහසුකම් දියුණු කෙරෙනු ඇති බවද ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය. ඒ යටතේ ඇතැම් පාසල්වලට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන මුළුතැන් ගෙවල් ලබා දෙනු ඇති බවද ලෝක ආහාර වැඩසටහන පැවැසුවේය.



අදහස් (0)

පාසල් සිසුන් 250,000 කට ආහාර සැපයීමට ගෝලීය විලාසිතා සන්නාමයකින් රුපියල් කෝටි 820ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site