
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ ජාතික විසඳුම් සම්පාදකයා වනSLT-MOBITEL සමූහය විසින්, ශ්‍රී ලාංකේය ආගමික හා සංස්කෘතික වටිනාකම් අතිනවීන තාක්ෂණය සමග මුසු කරමින් සංවිධානය කළ උදාර පොසොන් සදහම් සත්කාරය වූ ‘සදහම් සබැඳියාව’ පොසොන් කලාපය ඓතිහාසික අනුරාධපුර පුරවරයේ බසවක්කුලම වැව් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස ජූනි 29, ජුනි 30 සහ ජුලි 1 යන දිනවල පැවැත්විණි.
මෙම සුවිශේෂී පොසොන් කලාපය විවෘත කරන ලද්දේ SLT-MOBITEL සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා ප්‍රමුඛSLT-MOBITEL ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් යුක්තවය.
මෙවර බසවක්කුලම වැව අසබඩ නිර්මාණය වූ SLT-MOBITEL පොසොන් කලාපයේ ප්‍රධානතම ආකර්ෂණය වූයේ SLT-MOBITEL විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද, ජාතක කතා වස්තු රැගත් ජල තොරණ (Water Pandol) සහ 5 G තාක්ෂණයෙන් බලගැන්වුණු ත්‍රිමාණ ඩිජිටල් උමගයි. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට දේවානම්පියතිස්ස මහ රජු ඇතුළු ලක්වැසියන්ට බුදු දහම දායාද කළ ඒ අසිරිමත් ඓතිහාසික සිදුවීම, අති නවීන LED තාක්ෂණය උපයෝගී කරගනිමින් ජල තලය මත ප්‍රක්ෂේපණය කරමින් මෙම ජල තොරණ මගින් ලක්දිවට බුදුදහම ගෙන ඒම ඉතාමත් මනරම් ලෙසින් ප්‍රතිනිර්මාණය කර තිබිණි.
පොසොන් අසිරිය 5 G තාක්ෂණයෙන් විඳගැනීමට අවස්ථාව දුන් SLT-MOBITEL සදහම් සබැඳියාව’ සාර්ථකව නිමාව දකී