2025 වසර අවසානය වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ 2024 වසරට වඩා සියයට 42 ක වර්ධනයක් සනිටුහන් කරයි. වසර තුළ ප්‍රබෝධමත් රැළි ගණනාවක් වාර්තා වූ අතර අවසාන භාගයේ උනන්දුවෙන් මිලදී ගැනීමේ අඩුවක් නිරීක්ෂණය කළ හැකි විය. කෙසේ වෙතත් රුපියල් ට්‍රිලියන 2.4 ක වටිනාකමක් අලුතින් එකතුකරන්නට සමත්ව තිබේ.
සියලු කොටස් මිල දර්ශකට ඒකක 15,827 ක අගයකින් 2025 වසර ආරම්භ වූ අතර අවසානයේ දී දර්ශකය ඒකක 22,596 ක් විය. පසුගිය වසර තුළ වෙළෙඳපොළ වාර්තා අලුත් කරන ලද අතර ඉකුත් නොවැම්බර් 11 දා සියලු කොටස්මිල ඒකක 23,582 දක්වා පිබිදීමක් වාර්තා කළේය. මෙහි දී දේශීය තරගකාරී මිල දී ගැනීමේ ප්‍රවණතාව ඉහළින්ම තිබුණි.
ඉකුත් වසරේ අවසාන ගනුදෙනු දිනයේ දී ස්ථාවර භාවයක් සහිත මිල දී ගැනීමේ රටාවක් පිළිබිඹු කෙරිණ. විනිමය හා සුරුකුම් කොමිසම ප්‍රාථමික කොටස් නිකුතුවේ දී මිල දී ගැනීම් කරන ආයතනික ආයෝජකයන්ට විශේෂයෙන් බලපාන කරුණු ගණනාවක් ප්‍රකාශයට පත් කළ අතර එය හුදෙක් සුළු ලාබ සහිතව පවතින්නට කරන උත්සාහ පාලනය කිරීමට සමත්වනු ඇතැයි ආයෝජන අංශ විශ්වාස කරන බව පෙනේ. ජනවාරි මැද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරට ආධාර වැඩසටහන නිරීක්ෂණය කිරීමේ පස්වැනි අවස්ථාවට සහභාගි වනු අති බව නිවේදනය වී තිබේ. පසුගිය වසරේ අවසන් දින (දෙසැ 31) ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,624.31 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 178.42 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,157.38 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 46.03 ක වර්ධනයකි. දෛනික පිරිවැටුම රු. බිලියන 4.65 කි. ගනුදෙනු 34,462 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 122.81 ක් විය. සමාගම් 185 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 70 කි. මිල දී ගැනීමේ උනන්දුව සියයට 63.72 ක් වැනි ඉහළ අගයක විය.
නිරීක්ෂක
පසුගිය වසරේ වර්ධනය ඉදිරියට ගෙන යන අභියෝග