IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ප්‍රංශයේ Lactalis ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ Fonterra මෙහෙයුම් මිලදී ගැනීමට සැරැසේ


භානුක අමරසිංහ


ලොව විශාලතම කිරි නිෂ්පාදන සමාගම වන ප්‍රංශයේ Lactails සමාගම නවසීලන්තයේ Fonterra සමාගම මිලදී ගැනීමට සූදානමින් සිටින බව පවසයි.

මෙහිදී නවසීලන්ත ඩොලර් බිලියන 3.45කට (එක්සත් ජනපද ඩොලර් බිලියන 2.2කට) මෙම අලෙවිය සිදු කිරීමට Fonterra සමාගම එකඟ වී තිබේ. 

මේ යටතේ Fonterra සමාගමේ ශ්‍රී ලංකාවේ, ඕස්ට්‍රේලියාවේ, ඕෂනියා කලාපයේ සහ මැද පෙරදිග මෙහෙයුම් අලෙවි කරන බව සමාගම පවසයි.

Lactails සමාගම දැනටමත් ලොව විශාලතම කිරි සමාගම ද වෙයි. මෙම මිලදී ගැනීම හරහා සිය මෙහෙයුම් තවදුරටත් පුළුල් වන බව එම සමාගම සඳහන් කර සිටියි. කෙසේ වෙතත්, Fonterra සමාගම අලෙවි කිරීම සම්බන්ධයෙන් නවසීලන්තයේ කිරි ගොවින්ගේ සහ නියාමන ආයතනවල අනුමැතිය හිමි විය යුතුව ඇති බවත් පවසයි. මෙම ගනුදෙනුව 2026 වසර මුලදී සම්පූර්ණ කිරීම සමාගම් දෙකෙහිම අපේක්ෂාව වී තිබේ.



අදහස් (0)

ප්‍රංශයේ Lactalis ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ Fonterra මෙහෙයුම් මිලදී ගැනීමට සැරැසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site