රාජ්‍ය ව්‍යවසායවල පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමෙන් එම ව්‍යවසායවල ඇතිවිය හැකි මූල්‍ය අවදානම් තත්වය මග හැරෙනවා
විනිමය අනුපාත පුරෝකථන, පොලී අනුපාත පුරෝකථන, වර්ෂාපතනය, ඉන්ධන සහ ගල් අඟුරු වැනි වෙළෙඳ භාණ්ඩවල මිල විදුලිය ගාස්තු සංශෝධන බලපාන කරුණු කීපයක්
විදුලි බල මණ්ඩලය සමාගම් හතරකට වෙන් කිරීමේ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීප අධීක්ෂණයට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළද පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතුයි
විමුක්ති එස් රුද්‍රිගු
 විදුලිය ඒකකයක් උත්පාදනය කිරීමට වැයවන මුදල නැවත අයකරගැනීමට හැකි වන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක වන බව සහතික වන අයුරින් මෙරට සෑම විදුලිය ගාස්තු සංශෝධනයක්ම සිදුවිය යුතු බවත් මෙරට විදුලිය ගාස්තුව සෑමවිටම තීරණයේ විය යුත්තේ එම ප්‍රතිපත්තියට අදාළව බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය.
විදුලිය ඒකකයක් උත්පාදනය කිරීමට වැයවන මුදල නැවත අයකරගැනීමට හැකි වන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක වන බව සහතික වන අයුරින් මෙරට සෑම විදුලිය ගාස්තු සංශෝධනයක්ම සිදුවිය යුතු බවත් මෙරට විදුලිය ගාස්තුව සෑමවිටම තීරණයේ විය යුත්තේ එම ප්‍රතිපත්තියට අදාළව බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය.
සියයට 6.8 කින් ගාස්තුව ඉහළ දැමීමේ විදුලිය ගාස්තුව සංශෝධනය මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෑතකදී ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතය විමසමින් අප පුවත්පත එම අරමුදලින් කළ විමසීමකට පිළිතුරු දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම අදහස් පළ කළේය.
රාජ්‍ය ව්‍යවසාය තුළ පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමෙන් එම ව්‍යවසායවල ඇතිවිය හැකි මූල්‍ය අවදානම් තත්වය මග හැරෙන බවද එම අරමුදල පැවැසුවේය. ඉන්ධන සහ විදුලිය ඒකකයක් උත්පාදනය කිරීමට එම ව්‍යවසාය වැය කරන මුදල නැවත පාරිභෝගිකයාගෙන් අයකර ගත හැකි ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ප්‍රධාන කුලුනක් බවද එම අරමුදල ප්‍රකාශ කළේය.
මෙරට විදුලිය ගාස්තු සංශෝධන කරුණු කීපයක් මත රඳ පවතින බවත් එම කරුණු අතර විනිමය අනුපාත පුරෝකථන, පොලී අනුපාත පුරෝකථන, වර්ෂාපතනය, ඉන්ධන සහ ගල් අඟුරු වැනි වෙළෙඳ භාණ්ඩවල මිල තිබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. එසේම ජාත්‍යන්තර බොරතෙල් වෙළෙඳපොළේ මිලේ සිදුවන වෙනස්කම්ද මෙරට විදුලිය ගාස්තුවට බලපාන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.
ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගිය අගෝස්තු 24 වැනිදා සියයට 6.8 ක විදුලි ගාස්තු වැඩි කිරීමක් සඳහා වන යෝජනාවක් අනුමැතිය ලබා ගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර තිබිණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන සම්බන්ධයෙන් සිදුකෙරුණු පස්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල එකඟතාවකට එළැඹි බව දැනුම්දීම සඳහා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා ප්‍රකාශ කර සිටියේ විදුලි බල මණ්ඩලය සමාගම් හතරකට වෙන් කිරීමේ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීපව අධීක්ෂණය කරන බවත් ලබන වසරේදී සහ ඉන් ඉදිරියට විදුලි බල මණ්ඩලයේ ඇතුළුව බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවීමට නියමිත වෙනස්කම් එම ක්ෂේත්‍රයට විනිවිදභාවය එක් කරනු ඇති බවත්ය. එමගින් බලශක්ති ක්ෂේත්‍රය වඩාත් කාර්යක්ෂම කිරීමට රජයට හැකියාව ලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
පිරිවැය අය කෙරෙන මිල සංශෝධන විදුලියට අනිවාර්යයි - IMF