භානුක අමරසිංහ
මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛ දේපළ වෙළෙඳාම් සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම බම්බලපිටියේ පිහිටි පර්චස් 180.1ක ඉඩමක් මිලදී ගත් බව පවසයි.
පසුගිය සැප්තැම්බර් 12 වැනිදා පැවැත්වුණු ඉඩම් වෙන්දේසියකදී ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් සමාගම මෙම මිලදී ගැනීම සිදු කර තිබේ. එහිදී අදාළ ඉඩමේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 3.5ක් (3,500,000,100) වන බවද එම සමාගම සඳහන් කරයි.
ඒ අනුව ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් සමාගම අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් මිලියන 350ක මුදලක් ගෙවූ බවත් පවසයි. මෙය ඉඩමේ අලෙවි වටිනාකමින් සියයට 10ක ප්‍රතිශතයකි. එසේම ඉතිරි මුදල එම ගනුදෙනුවට අදාළ බැංකුව සමඟින් ඇති කරගන්නා අදහස් හුවමාරුවකින් පසුව දින 30ක් ඇතුළතදී ගෙවීමටද එකඟ වූ බව එම සමාගම වැඩිදුරටත් පවසයි.
ප්‍රයිම් ලෑන්ඩ්ස් රුපියල් බිලියන 3.5කට බම්බලපිටියේ පර්චස් 180ක ඉඩමක් මිලදී ගනී