IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


පර්පෙචුවල් ෙට්‍රෂෙරීස් ව්‍යාපාර තහනම මාස හයක් දික්වෙයි


භානුක අමරසිංහ


පර්පෙචුවල් ‌​ෙට්‍රෂෙරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස කරනු ලබන ව්‍යපාර කටයුතු සහ ක්‍රියාකාකරම් තවත් මාස හයකට අත්හිටුවන බව මහ බැකුව පවසයි. ඒ අනුව 2025 ජූලි 05 වැනිදා ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක් සඳහා මෙලෙස දීර්ඝ කරන බව මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

 එම සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකරන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ. ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගවලට අනුව මෙම විමර්ශනය සිදු කෙරෙන අතර, 2017 ජූලි 06 වැනිදා සිට මාස හයකට වරක් මහ බැංකුව මෙම තහනම අලු‍ත් කරයි. ඒ අනුව මේ දක්වා වසර අටක් මෙම තහනම ක්‍රියාත්මක වන අතර, නවවැනි වසරට එය අලු‍ත් වී තිබේ. 

 



අදහස් (0)

පර්පෙචුවල් ෙට්‍රෂෙරීස් ව්‍යාපාර තහනම මාස හයක් දික්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site