IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ප්‍රතිපත්ති විශ්ලේෂකයන්ට අලුත් පදනමක්

නොබෝදා ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණය භාර ගැනීමට උනන්දුවන තරුණයන් කිහිප දෙනකු කොළඹ නව බුද්ධි මණ්ඩලයක් ගොඩනගන ආකාරය දැකීමේ අවස්ථාව මට හිමි වූයේය. Ceylon Foundation for Economic Policy analysis යනුවෙන් හඳුන්වන එම බුද්ධි මණ්ඩලය තරුණ අර්ථශ්‍රාස්ත්‍රඥයකු වූ පසන් විජේවර්ධන විසින් නිර්මාණය කරන ලද්දකි. පසන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් සරසවි ඇදුරෙකි.
CFEP පදනමේ සියලු කාන්තාවන් සහ පිරිමින් වයස අවුරුදු 20-25 වයසේ පසුවන අය වූහ. ඔවුහු විද්‍යාත්මක පදනමකින් ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණය කරන්නන් බවට පත්වීමේ අපේක්ෂාවෙන් පසු වූවෝය. දේශීය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආර්ථික විද්‍යාව හදාරණ අතරතුර ඔවුහු ස්වෙච්ඡාවෙන් CFEB පදනමට සම්බන්ධවී සිටියහ. මෙය විශිෂ්ට ස්වෙච්ඡා ක්‍රියාමාර්ගයක් වනුයේ විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයන් එවැනි දේට නිරන්තරයෙන් හවුල් නොවන නිසාවෙනි. ඔවුන්ගේ සාමාන්‍ය ශ්‍රේණිගත කිරීමේ ලකුණු උදෙසා වූ අධ්‍යයන වැඩසටහන්වලට සම්බන්ධ නොවූ එවැනි අමතර ක්‍රියාකාරකම්වලට ඔවුන් එක්වන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒ අතින් ගත් කළ තරුණ ආර්ථික විද්‍යා ඇදුරු පසන් ගුණවර්ධන ශ්‍රී ලංකාවේ තරුණයන්ට නව මං පෙන්වන පුරෝගාමියකු ලෙස හැඳින්විය හැකිය.


ලකුණු දෙන විෂයට පරිබාහිර ද ඉගෙනීම ප්‍රතික්ෂේප කිරීම
2015 දී තරුණ උපාධි අපේක්ෂකයන්ට ආර්ථික විද්‍යාව උගෙනීමේ අමතර අවස්ථාවක් පිරිනමමින් ඔවුන් ආකර්ෂණය කර ගැනීමට මා දැරූ අසාර්ථක උත්සාහයක් මගේ මතකයට නැඟේ. ඒ මේ වනවිට කැනඩාවේ නිත්‍ය වශයෙන් පදිංචිව සිටින අරුණි ශපිරෝ, 19 වැනි සියවසේ වාසය කළ ප්‍රංශ ජාතික ආර්ථික විද්‍යාඥයකු හා රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ෆ්‍රෙඩ්රික් බැස්ටියැට් රමනා සිංහල භාෂාවට නැගූ වේලේ දැරූ උත්සාහයකි. ෆ්‍රෙඩ්රික් බැස්ටියැට් යනු ශ්‍රී ලාංකීය ජනතාව නොහඳුනන, දැන ගැන්මට වටිනා අර්ථ ශ්‍රස්ත්‍රඥයෙකි. මෙම ග්‍රන්ථය ආර්ථික හා ව්‍යාපාර කටයුතු පිළිබඳ කිර්තිමත් ජනමාධ්‍යවේදියකු වූ ඉෂාර ගමගේ විසින් ප්‍රකාශයට පත් කළේය. ඔහු ශ්‍රී ලංකාවේ අලුත ගොඩ නැගූ ෆ්‍රෙඩ්රික් බැස්ටියැට් සංගමය මෙහෙය වූයේය.
එම පදනමේ අනුග්‍රහකයකු ලෙස මම මෙරට විශ්ව විශ්වවිද්‍යාලවට ඒවායේ සිසුන් අලුත ගොඩනැගූ බැස්ටියැටි ආර්ථික විද්‍යාව සම්බන්ධ පදනමේ රැස්වීමට සහභාගි කරවන ලෙස ඇරයුම් කළෙමි. එම පදනම තුළින් විශ්වවිද්‍යාල පද්ධතියෙන් මතුවන ආර්ථික විද්‍යාර්ථයන් අතර බැස්ටියැට් දර්ශනය ජනප්‍රියත්වයට පත්කොට දැනුවත් ආර්ථික විශ්ලේෂකයන් ලෙස මුදා හැරීමට බලාපොරොත්තු විමු. එහෙත් ඒ සඳහා ලැබුණේ ශුන්‍ය ප්‍රතිචාරයකි. සිසුන්ගේ සාමාන්‍ය ශ්‍රේණිගත කිරීමේ ලකුණු නොලැබෙන වැඩසටහනකට සිසුන් ඒකරාශි කර ගැනීම කළ නොහැකිව කියමින් එක් ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යා ඇදුරෙක් මගෙන් සමාව අයැද සිටියේය. යම් දුෂ්කර මෙහෙවරක් සේම අපගේ අවධානයට නැතුවීමට වටිනා මෙහෙයක් පසත් භාරගෙන ඇතැයි මා සඳහන් කරන්නේ එම නිසාය.


තාරුණ්‍ය පිළිබඳ අලුත් අර්ථ දැක්වීමක්
එම පිරිස අතර සිටි එකම මහලු මිනිසා මා වූයේ එතැනට පැමිණ සිටි අනෙක් පිටත්තරයා වූ අර්ථ ශාස්ත්‍ර තලාල් රාෆි කිසිම අයුරකින් මහලු අයකු ලෙස ගණන් ගත හැකි නොවනු නිසාය. මා මෙන් නොව ඔහුට පහසුවෙන් එම තරුණයන් අතර ඔවුන්ගෙන් අයකු සේ කටයුතු කළ හැකි වූයේය. කෙසේ වුවද ඔවුන් සමග පැවැති මාගේ අන්තර් ක්‍රියාකාරිත්වය ආරම්භයේ පටන්ම ඉතා ප්‍රගතිශීලී වූයේය. තාරුණ්‍ය සම්බන්ධ වන් අර්ථ කථනය වයසට අදළ වූවක් නොවන බව මම ඔවුන්ට කීවෙමි. ඒ වෙනුවට ඔබ උදයේ පිබිදුණු විට මට මෙසේ කරන ලෙස ඉල්ලා ඇත කියනු වෙනුවට මට මෙය කිරීමට අවශ්‍යයි. ඔබ ඔබටම කියා ගත්තේ නම් ඔබ තවමත් තරුණය. එවිට ඔබ හැට වැනි විය පසු කර සිටියත් ඔබ තවමත් තරුණය. මට මෙසේ කරන ලෙස දන්වා ඇත කියා ඔබ ඔබටම කියා ගතහොත් ඔබ තවමත් වයස විසි ගණන්වල භද්‍ර යෞව්වනයේ පසු වුවත් ඔබ මහල්ලෙකි. එම නිසා තාරුණ්‍යය යනු හදවත තුළින් ප්‍රබලව මතුවී ක්‍රියාශීලීව අභිප්‍රේරණයට සම්බන්ධ වූවකි.


පවතින අවස්ථාවල හිදැස්
CFEP පදනමේ සැලැස්ම ඉදිරිපත් කරමින් විස්තර කළ පසන් එහි අරමුණ වන්නේ රටේ ඊළඟ පරපුරේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් බල ගැන්වීම බව කියා සිටියේය. තරුණයන්ට අවශ්‍ය වූ දේ සහ ඔවුන් ඉදිරියේ පවතින දේ අතර හිදැසක් / වෙනසක් පවතින බව ඔහු කියා සිටියේය. 2022 එවකට පැවැති ගෝඨාභය රාජපක්ෂ රජයට එරෙහි සුප්‍රසිද්ධ අරගලය සමයේ දී ශ්‍රී ලාංකිය තරුණයෝ ප්‍රතිපත්ති සකස් කිරීම උදෙසා බලය ඉල්ලා සිටියෝය. එහෙත් එම කාර්යය ඉටු කිරීම සඳහා ඔවුනට ප්‍රමාණවත් බුද්ධිමය දක්ෂතාවක් පවතී ද යන්න ප්‍රශ්නකාරීය. විවිධ වේදිකාවල තරුණයන්ට ලබා දුන් අවස්ථා ඔවුන්ගේ ආශාවන්ට බොහෝ සෙයින් ඈත්ව පැවැති ඒවාය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තරුණ සහභාගිත්වය 2 සියයට දෙකකට (2%) අඩු වූවකි. පළාත් පාලන ආයතනවල ඔවුන්ගේ දායකත්වය සියයට (30%) තිහක් පමණ වන අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් (UNDP) වල සහායෙන් පැවැත්වූ  අධ්‍යයනයකට අනුව ප්‍රතිපත්ති සම්පාදනයේ දී ඔවුන්ගේ දේශපාලන උනන්දුව සියයට දෙකක් පමණ වේ.
ලෝක ආර්ථික සංසදය 2024 පැවැත් වූ අනාගත රැකියා පිළිබඳ සමීක්ෂණයට අනුව වර්තමානයේ තරුණයන් විසින්  ඉටුකරනු  ලබන රැකියා ඊළඟ පස් අවුරුද්ද තුළ අතුරුදහන්ව යන බව ඔහු කියා සිටියේය. මෙය ඔවුන්ගේ වරදක් නිසා සිදු වන්නක් නොව අප වෙළාගෙන තිබෙන නව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුව හේතුකොට ගෙන සිදු වන්නකි. එම කාලය තුළම ඊළඟ පස් වසර තුළ නිර්මාණය වන අලුත් රැකියා බොහොමයක් දැවැන්ත දත්ත විද්‍යාත්මක වේවි. මූල්‍ය තාක්ෂණ ඉංජිනේරු විද්‍යා සමග බැඳුණු ඒවා වේවා විශ්ලේෂණාත්මක ක්ෂේත්‍රයන්හිම පවතින ඒව වනුයේය. එම නිසා ඊළඟ පරම්පරාවේ ආර්ථික හෝ ප්‍රතිපත්ති විශ්ලේෂණයෙන් එම පිරිස අතර සිටිය යුතුවේ. සමස්තය අන්තර්ගත හෝ සාක්ෂි පදනම් කරගත් ආර්ථික ප්‍රථිපත්ති විශ්ලේෂණය කරනු ඇත්තේ ඔවුන් විසිනි.


ප්‍රධාන අරමුණු
මෙම පසුබිම තුළ CFEP පදනම ප්‍රධාන අරමුණු 5ක් පවතින බව පසත් කියා සිටියේය. සාක්ෂි පදනම් කරගත් ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් අතර පවතින පරතරය පිරවීම, සමස්තය සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටීම, තරුණ  පර්‌යේෂකයන්ගේදක්ෂතා ගොඩ නැංවීම හා ජාතික හා අන්තර් ජාතික මට්ටම්වල ආර්ථික ප්‍රථිපත්ති ගොඩ නැගීමට බලපෑම් කිරීම, එම අරමුණු වේ. මෙම අරමුණු යථාවත් කිරීම උදෙසා CFEP පදනමට වැඩසටහනක් ඇත්තේ යයි පසන් නිවේදනය කළේය. ප්‍රතිපත්ති මූලික කරගත් පර්‌යේෂණ හා විස්තර ප්‍රකාශයට එක් කිරීම, ප්‍රසිද්ධ දේශන සංවිධානය කිරීම ප්‍රතිපත්ති පිළිබඳ සංවාද වේදිකා ඇති කිරීම දක්ෂතා වර්ධන වැඩමුළු උදෙසා පහසුකම් සැලසීම සහ වැඩසටහන් උදෙසා උපදේශකත්වය බුද්ධිමතුන් රජය හා සිවිල් සමාජය අතර සහයෝගීතාව ගොඩ නැගීම උදෙසා වේදිකා සැකසීම ආර්ථික ප්‍රතිපත්ති කතිකාවන්හි තරුණ නියැලීම උදෙසා කටයුතු කිරීම ආදිය ඊට ඇතුළත් වේ. විශේෂිත ක්ෂේත්‍රවල කටයුතු කිරීම උදෙසා CFEP පදනම අංශ 4ක් ඔස්සේ සංවිධානය වී තිබේ. මහජන ප්‍රතිපත්ති ජාත්‍යන්තර ආර්ථික ප්‍රතිපත්ති මූලය ආර්ථික ප්‍රතිපත්ති සහ ඩිජිටල් හා තාක්ෂණික ආර්ථික ප්‍රතිපත්ති එම අංශ සතරයි. ඒ සඳහා නියැලෙන ස්වෙච්ඡා ක්‍රියාකාරීන් මෙම විශේෂිත අංශ හතර තුළට බෙදා වෙන්කොට ඇත. මේ වනවිට CFEP පදනමේ මෙහෙයුම් කටයුතු කොළඹදී පමණක් සිදුවන අතර ඉදිරි කාලයේ දී එහි කටයුතු පිට පළාත්වලට ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.


අහිමි වීමට පෙර අවස්ථා ග්‍රහණය කර ගැනීම
මේ අනුව  CFEP පදනමේ දීර්ඝ කාලීන අරමුණ කුමක්වේද? එය නම් ජාතික සංවර්ධනයට හා ගෝලීය ආර්ථික කතිකාවන්ට දායක වන්නා වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාරුණ්‍ය කේන්ද්‍රගත ආර්ථික ප්‍රතිපත්ති ආයතනය බවට පත්වීමයි. එය ජවසම්පන්න හා ශක්තිමත් ලෙස හමා යන්නේ නම් අසීරු නොවන උත්තුංග අරමුණක් බව පෙනී යයි. මෙවැනිම වැඩසටහනක් නායක්තවය හා මහජන ප්‍රතිපත්ති උදෙසා වූ බණ්ඩාරනායක ඇකඩමියෙන් සංවිධානය කෙරිණි. එම ඇකඩමිය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර අනුස්මරණ ශාලා පරිශ්‍රයේ පැවති අන්තර් ජාතික අධ්‍යයනයක් පිළිබඳ බණ්ඩරනායක කේන්ද්‍රයෙන් බිහි වූවකි. එය සියලුම දේශපාලන ප්‍රභේදයන්ගේ නැගී එන තරුණ දේශපාලනඥයන් වෙනුවෙන් පිහිටු වූ ආයතනකි.  CFEP පදනමට මෙම ඇකඩමිය සමග සහයෝගයෙන් ක්‍රියාකිරීම සිය දීර්ඝ කාලීන අරමුණු හඹා යෑමේ දී වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.
පසන් අවසාන වශයෙන් නිකුත් කළ පණිවිඩය අනතුර ඇඟවීමක් වූයේය. අද පවතින අවස්ථාව ග්‍රහණය කර ගන්න. භේද ඒ සඳහා දෙවැනි අවස්ථාවක් නොලැබෙන බැවිනි. මෙය නිදහස ලැබූදා පටන් සිටි සියලුම දේශපාලන නායකයන්ට ඔවුන් විසින් පහසුවෙන් නොසලකා හරින‍ ලද කාරණයක් සම්බන්ධ අනතුරු හැඟවීමකි. මෙරටේ තරුණයන්ගෙන් කොටසක් හෝ අවම වශයෙන් මෙම අනතුරු  හැඟවුම බැරෑරුම් ලෙස භාරගෙන වේගයෙන් ක්‍රියාකිරීමට ක්‍රියා කළහොත් එය රටේ අනාගත පරම්පරා උදෙසා වූ අලුත් ගමනක් වනු ඇත.


තරුණයන් උදෙසා අරමුණ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය කළමනාකරණ උපාධිය ලැබ ජපානයේ ජාතික ප්‍රතිපත්ති උපාධිධාරී ආයතනයෙන්  (GRIPS ආයතනයෙන්) MSC උපාධියක් ලැබූ ආර්ථික විද්‍යා ගුරුවරියක වූ පෞද්ගලික විශ්වවිද්‍යාලයක රාජ්‍ය ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී වූ ඉෂාරා හේරත් මා හට කියා සිටියේ ඈ ස්වෙච්ඡාවෙන් මෙම බුද්ධි මණ්ඩලයට ඇගේ දැනුම ලබාදෙන බවයි. රටේ තරුණයන් අතර එම දැනුම බෙදා හරින්නට ඇය සූදානමින් පසුවන්නීය. ඇය මෙසේ කීවාය. මෙරටේ ප්‍රතිපත්ති විශ්ලේෂණය විෂය විද්‍යාත්මකව වැඩිදියුණු කිරීම ඉතාම වැදගත් කටයුත්තක් ඊට හේතුව වර්තමාන රාජ්‍ය  ප්‍රතිපත්තිය ඉහළ මට්ටමේ දේශපාලකයන්ගේ අභිමතය හා මනඃකල්පිතය නිසා පහත වැටී  පැවතීමයි. රාජ්‍ය සේවකයන් කරන්නේ ඒවා අන්ධානුකරණය කිරීමයි.


තීරු බදු ගැටලුව සම්බන්ධයෙන් ටලාල් රාෆිගේ අදහස්
ජාත්‍යන්තර කීර්තිය දිනු තරුණ අර්ථ ශාස්ත්‍රඥයකු වූ ටලාල් රාෆි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ප්‍රකාශනවල ලිපි රචකයකු හා ලෝක ආර්ථික සංසදයේ සාකච්ඡා සභාවක් නියෝජනය කරමින් කටයුතු කළ විද්වතෙකි. හෙතෙම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු වෙනස් කිරීම්වල බලපෑම පිළිබඳව තරුණ ස්වෙච්ඡා ක්‍රියාධරයන් අමතා කතා කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනයෙන් ශ්‍රී ලංකාව වෙත පැනවූ එම බදු ආර්ථික විශේෂඥයන් විසින් විශ්ලේෂණය ඔස්සේ කෙසේ ගණනය කළ යුත්තේද යන්න පිළිබඳව හෙතෙම කරුණු දැක් වූයේය. සාමාන්‍ය අනුපූරක බදු සියයට 44 සිට සියයට20 දක්වා ලිහිල් කළද ශ්‍රී ලංකාව තවමත් අවදානම් සහගත තත්වයෙන් ඉවත්වී නොමැති බව හෙතෙම කියා සිටියේය. ඔහු විදේශිතව දැක් වූ ’උපදේශනය වූයේ ප්‍රතිපත්ති විශ්ලේෂකයන් හැඟීම් පක්ෂග්‍රාහී කරු හා අගතිභාමිත්වය අනුසාරයෙන්  තීරණ නොගෙන වාස්තවික දත්ත ඒකරාශිකරණයෙන් ලැබෙන සාක්ෂි ඔස්සේ කටයුතු කළ යුතු බවයි.


ඉගෙන ගන්නා අයකු සතු හොඳ ගුණාංග
මගේ ප්‍රධාන කෙටි දේශනයේ දී මම දැනුම සම්බන්ධ විමර්ශනයක යෙදුනෙමි. අංගුත්තර නිකායේ ආවාස සෝබ්භාන සුත්‍රයේ බුදුන් වහන්සේ භික්ෂූන් සතුව තිබිය යුතු හොඳ ගුණාංග සම්බන්ධයෙන් කර ඇති දේශනාව කෙරේ මම සිසුන්ගේ අවධානය නතු කෙළමි. තමන් වාසය කරන්නා වූ ආශ්‍රමය ප්‍රභාමත්ව පවත්වා ගැනීමට කැමති භික්ෂූන් අනෙක් අය අතර ධර්මය වඩ වඩාත් ඉගෙන ගැනීම ඇතුළු  යහපත් පුරුදු වර්ධනය කර ගැනීම ධර්මය වටහා ගැනීම හා ධර්මය ස්මරණය කර ගනිමින් එම ධර්මය පිළිබිඹු කිරීම ඔස්සේ තමන්ගේ වචන වලින් තවත් අයකුට ධර්මය කියාදී එම ධර්මයට ඔබ්බෙන් දකින්නට හැකියාව ලබාගත යුතු බවට බුදුන් වහන්සේ ඔවදන් දී ඇත. අද ඉගෙන ගන්නා ඕනෑම කාරණයකට මෙම බුද්ධෝපදේශය වඩාත් වැදගත් වේ.
බුදුන් වහන්සේගෙන් වසර තුන්සියයක් ඉක්ම විය තැන චීන දාර්ශනිකයකු කොන්ෆියුසියන්ගේ පරපුරේ දාර්ශනිකයකු වූ Xunzi ඒ හා සමාන උපදේශයක් දුන් වග වාර්තාවේ. මා අසන දේ මට අමතක වේ. මා  දකින දේ  මම සිහි කරමි. මා කරන දේ මම වටහා ගනිමි. මෙයින් අදහස් වන්නේ ප්‍රායෝගික අරමුණ සඳහා භාවිත නොවන දැනුමෙන් අදාළ නොවන බවයි. ඉන්දියානු අර්ථ ශාස්ත්‍ර ගුරු කෞටිල්ල, චානක්‍යගේ ආචාර් ධර්මවල කියා ඇති ආකාරයට දැනුම විනාශය උදෙසා භාවිත කිරීම සඳහා නොවේ.


ගණිතයේ වහලකු වීම
කිනම් දැනුම, වඩාත් අදාළ වන්නේද යන්න සම්බන්ධයෙන් විවාදයක් පවතී. න්‍යායාත්මක වියුක්ත දැනුම, වඩා වැදගත්වේ ද නැතහොත් විස්තරාත්මක දැනුම වැදගත්වේ ද යන්න සම්බන්ධයෙන් එම වාදය පැවැත්වේ.
අද දවසේ නූතන ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණය වියුක්ත දැනුම මාර්ගෝපදේශ ලබන ප්‍රවණතාවක් පවති. එහිදී ගණිතමය  ආදර්ශයක් වෙත දැඩි අවධාරණයක් දැක්වීම කෙරේ එහෙත් සටනකට මිනිසුන්ට විරුද්ධවාදීන් මැඩලීම සඳහා ගණිතය උපායශීලී ලෙස භාවිත කළ හැකිය. තාරකා භෞතික විද්‍යාඥ කාර්ල් සගාන් බ්‍රොකාස් බ්‍රේන් නම් සිය ග්‍රන්ථයේ ග්‍රීක ගණිතඥ ඉයුලර් ප්‍රංශ විශ්වකෝෂවේදී ඩිටරොට් උපායශීලීව පුරුදු වූ ආකාරය ගෙන හැර දක්වයි. රුසියාවේ කැතරින් අධිරාජිනියගේ මාලිගයේ කරදරකාරයකු බව පත්වෙමින් ඩිටරොට් දෙවියන් යනුවෙන් අයකු නොමැති බවට තර්ක කළ අවස්ථාවේ මෙම සිද්ධිය සිදුවිය. මෙම කරදරය දෙවියන් සිටිනා බව ගණිතමය ආකාරයෙන් සනාථ කොට නවතාලිය හැකි බව ඉයුලිප් අධිරාජිනියට පැවසුවේය.


විවාදය අතරතුරේ දී ඉයුලර් තම ප්‍රතිවාදියාට මෙසේ කීවේය.
මහත්මයා (a+bn) n= x එම නිසා දෙවියන් සිටිනවා එය නිෂේධ කරන්න. එය කිසිම මනුෂ්‍යයකුට විසඳිය නොහැකි ගණිත ගැටලුවකි. එම නිසා එය විසඳිය හැක්කේ දෙවියන් වැනි අදෘෂමාන බලවේගයකට පමණි. ඩිටොරොට් පිළිතුරු දී ගත නොහැකිව නිරුත්තර වූයේය. ඔහු රජවාසලින් පලාගිය බව වාර්තාවේ. පර්‌යේෂකයකු විසින් කළ යුත්තේ ගණිතය සේවකයකු ලෙස භාර ගැනීම නිසා ස්වාමියකු ලෙස අගය කිරීම නොවේ. තවත් අයකුට පැහැදිලි කොට කිව නොහැකි දැනුමෙන් වැඩක් වන්නේ නැත. මහමග යන මිනිසකුට යමක් සිය දැනුමෙන් පහදා කිව නොහැකි අයකුගේ දැනුම බුදුන්, භික්ෂූන් වහන්සේලාට පැවසුවාක් මෙන් පරිපූර්ණ වූ දැනුමක් නොවේ.
එක්සත් රාජධානියේ යෝර්ක් සරසවියේ දී අප ඉගෙන ගත් දේ සසඳා කීමට ගණිතය භාවිත කරන ලෙස අපට බලකෙරිණි. එහෙත් කැනඩාමේ සයිමන් ෆ්‍රේසර් විශ්වවිද්‍යාලයේ අයට ආචාර්ය උපාධි මට්ටමේ උසස් ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව ඉගැන් වූ ලැරි බ්ලොන්ඩ් ද ප්‍රශ්න පත්‍රයේ උපදෙස් පත්‍රිකාවේ මෙම ප්‍රශ්න පත්‍රයට ගණිතය හෝ තාක්ෂණික පද භාවිත කිරීමකින් තොරව පිළිතුරු සැපයිය යුතුය යන්න සඳහන් කළේය. ඉතා සංකීර්ණ වූ ආර්ථික න්‍යායන් පවා කසළ ශෝධනයේ යෙදෙන සේවිකාවකට හෝ සරළ වචනයෙන් පහදා දීමට හැකිවිය යුතුය යන්න බ්ලොන්ඩ් තරයේ විශ්වාස කළ අයෙකි.


රථාචාරියාගේ දැනුම සහ ප්ලෑන්ක් ගේ දැනුම
1918 නොබෙල් ත්‍යාගය දිනූ ජර්මානු විද්‍යාඥයකු වූ මැක්ස් ප්ලෑන්ක් රථාචාරියාගේ දැනුම සහ ප්ලෑන්ක්ගේ දැනුම ලෙස මේ වනවිට දැනුම බෙදී වෙන්වී ඇති ආකාරය පෙන්වා  දුන්නේය. එම කතාවට අනුව නොබෙල් ත්‍යාගය දිනූ ප්ලෑන්ක්හට නිතරම ජර්මානු විශ්වවිද්‍යාල වලින් දේශන සඳහා ආරාධනා ලැබිණි. නිතර එම ආරාධනා ලැබූ නිසා එය ඔහුට නිරස කාර්යක් බවට පත්ව තිබිණි. දිනක් රථාචාරියා ලෙස වෙස් වලාගත් ප්ලෑන්ක් දේශනය කරගෙන යන ලෙස රථචාරියාට කීවේය. ශ්‍රවකයන් ප්ලෑන්ක් හා ඔහුගේ රථචාරියා කව්ද යන්න හඳුනාගෙන නොතිබිණි. තමාට නිතර අසා තිබුණ දේශනය රථචාරියා ප්ලෑන්ක් කරන්නාසේම කරගෙන ගියේය. ඔහුට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්නයක් ප්‍රේක්ෂකගාරයෙන් ඉදිරිපත් විය. ’අපොයි ඕක හරි සරළ ප්‍රශ්නයක්. ඕකට මගේ ඩ්‍රයිවර් වුණත් උත්තර දේවි’ කියමින් ඔහු ප්‍රේක්ෂකාගාරය රථාචාරිය ලෙස පෙනී සිට මැක්ස් ප්ලෑන්යට පෙන් වූයේය.  විද්‍යාඥ ප්ලෑන්ස් එවර එම පැනයට පිළිතුරු දුන්නේය. එදින පටන් දැනුම මතුපිට දැනුම සහ ගැඹුරු දැනුම යනුවෙන් වෙන්ව බෙදී පවතී. තරුණයන් ග්‍රහණය කරගත යුත්තෝ ගැඹුරු දැනුමයි. එයි වෙහෙසර කාර්යයක් වුවද කළ යුත්තේ එයයි. එහෙත් යමෙක් එම දැනුම අත්පත් කරගත් එය මානව බුද්ධියේ  හා දැනුම ඒකරාශි කරනයේ ආශිර්වාදය  ලද්දකු  වෙයි.


සාවද්‍ය න්‍යාය
බ්‍රිතාන්‍ය දාර්ශනික කාර්ල් හෙපර්ගේ නිරීක්ෂණ අනුව විද්‍යාත්මක න්‍යායන් සත්‍ය යයි සනාථ කළ නොහැකිය. එහෙත් එය සාවද්‍ය යයි නියත වශයෙන් සනාථ කළ හැකිය. එම නිසා විද්‍යාඥයකු විසින් ඉදිරිපත් කළ බොරු කළ නොහැකි කිසිම න්‍යායක් විද්‍යාත්මක න්‍යායක් නොවන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස අද පිළිගන්නා න්‍යායක් හෙට දවසේ බොරු යයි සනාථ කළ හැකිවේ. මෙයින් අදහස් වන්නේ කිසිම විද්‍යාඥයකු සත්‍ය සොයා නොයන බවයි. ඔහුට සොයාගත හැක්කේ යම් දිනක ප්‍රතික්ෂේප වන සත්‍යයකි. එම නිසා තරුණ ප්‍රතිපත්ති විශ්ලේෂණයන් හට මා විශේෂයෙන් දෙන උපදේශය වන්නේ ඔබ සත්‍ය සොයාගත් බව නොකියනු මැනවි. ඒ වෙනුවට ඔබ යම් සත්‍යයක් සොයාගත් බව කිව මනාය යන්නයි.

 

 

 

2025 අගෝ. 25 Daily Ft හි පළවු CFEP Think tank of the young by the young but for all of us  
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ

 



අදහස් (0)

ප්‍රතිපත්ති විශ්ලේෂකයන්ට අලුත් පදනමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site