IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි

විමුක්ති එස් රුද්‍රිගු


කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (09) ප්‍රකාශ කළේය. එම සහන කාලය පසුගිය 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබිණ.

මිලියන 25 ට අඩු ණයක් ලබාගෙන ඇති, පසුගිය 31 වැනිදා පෙරට ණය ලබාගත් බැංකුවට ගොස් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡා කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඉහත සහන කාලය දීර්ඝ කිරීම ලබා දීමට රජය තීරණය කර ඇත. එසේම මිලියන 25 ත් 50 ත් ණයක් ලබාගෙන එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පසුගිය 31 වැනිදාට පෙර බැංකු සමග සාකච්ඡා කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකන්ට ඉහත සහනය එළැඹෙන සැප්තැම්බර් 30 දක්වා ලබාදීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පැවැසුවේය. මිලියන 50 කට වැඩි ණයක් ගෙන, එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පසුගිය 31 වැනිදාට පෙර ණය ලබාගත් බැංකුව සමග සාකච්ඡා කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඉහත සහනය ජූනි 30 දක්වා ලබාදී ඇත.



අදහස් (0)

පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site