IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


පෙබරවාරියේ මුල් දින 12 දී සංචාරකයෝ 124,460 ක් ඇවිත්

  • මේ දක්වා පැමිණි සංචාරකයන් හාරලක්ෂය ඉක්මවයි 

  • ඉන්දියාවෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 70,880 ක් 


භානුක අමරසිංහ 


පෙබරවාරි මාසයේ මුල් දින 12 තුළදී මෙරටට විදෙස් සංචාරකයන් 124,460 දෙනකු පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව දෛනිකව සංචාරකයන් 10,372ක සාමාන්‍යයක් යටතේ එම සංචාරක පැමිණීම වාර්තා වී තිබේ. 12 වැනිදා පමණක් සංචාරකයන් 12,731 දෙනකු මෙරටට පැමිණ ඇත. විශේෂයෙන්ම ඊයේ (15දා) කොළඹදී පැවැත්වුණු ඉන්දියා - පාකිස්තාන T20 ලෝක කුසලාන තරගය නැරඹීම සඳහා ආසන්න දින කිහිපයේදී සංචාරකයන් විශාල පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂාව විය. 

පෙබරවාරියේ මෙතෙක් පැමිණි සංචාරකයන් අතරින් 18,819ක් ඉන්දියානුවෝ වෙති. එසේම එක්සත් රාජධානියෙන් සංචාරකයන් 14,513ක් පැමිණ තිබේ. මීට අමතරව ජර්මනියෙන් සංචාරකයන් සංචාරකයන් 10,556ක් පැමිණ තිබේ. මේ අතර වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ සංචාරකයෝ 401,787 දෙනකු මෙරටට පැමිණ තිබේ. ජනවාරි මාසයේ සටහන් වූ වාර්තාගත සංචාරකයන් 277,327ක සංඛ්‍යාවත් සමගින් එම අගය සඳහන්ව තිබේ. 

වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන්ගෙන් 70,880ක් ඉන්දියානුවන් වන අතර, 44,053ක් එක්සත් රාජධානියෙන් පැමිණ තිබේ. එසේම රුසියාවෙන් 36,949ක්ද, ජර්මනියෙන් 28,332ක්ද පැමිණ තිබේ. චීනයෙන් පැමිණි සංඛ්‍යාව 22,309කි. ප්‍රංශයෙන්ද 20,799ක් පැමිණ තිබේ.



අදහස් (1)

පෙබරවාරියේ මුල් දින 12 දී සංචාරකයෝ 124,460 ක් ඇවිත්

Lalla Tuesday, 17 February 2026 09:00 AM

මන්නාරම රාමසේතු පාලම තිබුණ නම් කොතරම් විශාල ඉන්දීය සංචාරයකයන් පිරිසක් ලංකාවට එන්න තිබුණද?ඒත් අපේ බොහෝ අය පාලමකට බයයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site