වගකීම් සහගත ආයතනික පුරවැසියකු ලෙස තමන් සේවය කරන ප්‍රජාව තුළ අර්ථවත් හා දිගුකාලීන වෙනසක් ඇති කිරීම වෙනුවෙන් පීපල්ස් ලීසිං සමාගම නිරන්තරයෙන් කැපවී සිටී. මෙරට ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නකු ලෙස සිය ව්‍යාපාරික කාර්යභාරයට පමණක් සීමා නොවි වඩාත් සෞඛ්‍ය සම්පන්න, ශක්තිමත් සහ තිරසාර ජාතියක් ගොඩනැගීම සඳහා දායක වීමේ පුළුල් සමාජ වගකීම ද සමාගම විසින් ඉටුකරනු ලබයි.
මෙම කැපවීම තවදුරටත් තහවුරු කරමින්, පෙනහලු ආශ්රිත රෝග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, ස්වසන සෞඛ්‍යයේ වැදගත්කම ප්‍රවර්ධනය කිරිම සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවක රටාවකට ජනතාව දිරිගැන්වීම අරමුණු කරගත් ‘‘සුව හුස්ම’’ විශේෂ වැඩසටහන නොවැම්බර් 24 වැනිදා සමාගම විසින් ආරම්භ කරනු ලැබීය.‘සෑම හුස්මක්ම වැදගත්- නිරෝගී පෙනහලු නිරෝගී දිවියක්’’ යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
සාම්ප්‍රදායික දැනුවත් කිරීමේ වැඩ සටහන්වල සීමාවෙන් ඔබ්බට ගොස්, මෙම පණිවිඩය පුළුල් ප්‍රජාව වෙත රැගෙන යාමේ වැදගත් පියවරක් ලෙස ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (SLCP) මෙම වැඩසටහනේ ප්‍රධාන වෛද්‍ය හා තාක්ෂණික හවුල්කරු ලෙස කටයුතු කරනු ඇත. ඒ ඔස්සේ මෙම ජාතික වැඩසටහනට අත්‍යවශ්‍ය වෛද්‍ය විශේෂඥ දැනුම, වෘත්තීය විශ්වාසනීයත්වය සහ මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ ලද පුළුල් අත්දැකීම් එක් කිරීමට ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය දායක වනු ඇත.
ස්වසන රෝග සඳහා විශේෂිත වූ මෛරට ජාතික රෝහලක් ලෙස ස්වසන රෝග හඳුනා ගැනීම, ප්‍රතිකාර කිරීම සහ කළමනාකරණය කිරීමේ දී වැලිසර ජාතික ස්වසන රෝග පිළිබඳ රෝහල සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. එමෙන්ම ස්වසන සෞඛ්‍ය පිළිබඳ මහජන අවබෝධය ඉහළ නැංවීම සහ ප්‍රජාව දැනුවත් කිරීම එහි කාර්යභාරයට ඇතුළත් වේ.
මෙම ජාතික මෙහෙවරේ ආරම්භක පියවරක් ලෙස පීපල්ස් ලීසිං සමාගම සිය 2026 වාර්ෂික දින දර්ශනය පෙනහලු සෞඛ්‍ය වෙනුවෙන් කැප කර තිබීම විශේෂත්වයකි. එදිනෙදා ජීවිතයේ නිරන්තරයෙන් භාවිත වන දින දින දර්ශනයක්, පෙනහලු සෞඛ්‍ය හා රෝග වළක්වා ගැනීම පිළිබඳ පණිවුඩය නිවාස, සේවා ස්ථාන සහ දිවයින පුරා ප්‍රජාව වෙත රැගෙන යන නිර්මාණශීලි සන්නිවේදන මාධ්‍යයක් බවට පත් කිරීම මෙහි අරමුණයි.
මෙය හුදෙක් එක් දැනුවත් කිරීමේ වැඩසටහනකට සීමා නොව අතර මහජනතාව දැනුවත් කිරීම, රෝග වළක්වා ගැනීමේ සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීම සහ වාර්තමාන මෙන්ම අනාගත පරපුරේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් ජාතික ප්රයත්නයට සහාය වීම අරමුණු කරගත් ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහන් මාලාවක ආරම්භය ද වේ.
‘‘පීපල්ස් ලීසිං සමාගම විශ්වාස කරන්නේ ආයතනික පුරවැසියකු ලෙස අපගේ වගකීම මූල්‍ය සේවා සැපයීමෙන් සහ ව්‍යාපාරික කාර්ය සාධනයෙන් ඔබ්බට විහිදෙන බවයි. සමාජයේ යහපැවැත්ම සහ අපේ රටේ අනාගතය වෙනුවෙන් දායක වීමේ පුළුල් වගකීමක් අප සතුයි. ඒ හේතුව අපිට මෙම ‘‘සුව හුස්ම’’ජාතික වැඩසටහන දියත් කිරීමට එක් හේතුවක් වුණා. 2026 වාර්ෂික දින දර්ශනය සඳහා පෙනහලු සෞඛ්‍ය තේමාව ලෙස තෝරා ගත්තේ එය සෑම පවුලකටම සෘජුවම බලපාන එහෙත් මහජන අවදානය මීට වඩා යොමු විය යුතු වැදගත් කාරණයක් වන බැවිනි. මෙම වැඩසටහනෙන් සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩනැගීමේ සාමුහික ප්රයත්නයට සහාය වෙමින් රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම මෙම වැදගත් සෞඛ්‍ය පණිවුඩය රැගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජාතියක් යනු සමෘද්ධිමත් ජාතියක පදනමයි’’ යනුවෙන් පිපල්ස් ලීසිං සමාගමේ සභාපති මහාචාර්ය අජන්ත සමරකෝන් මහතා මෙම සමාජ සත්කාරය සඳහා සමාගම යොමු වූ හේතුව පැහැදිලි කරමින් ප්‍රකාශ කළේය. සන්නිවේදනය, මහජන සහභාගිත්වය, හවුල්කාරිත්වය සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ මෙම පණිවුඩය ජනතාව අතරට ගෙන යාම දැනුවත්භාවය අර්ථවත් ක්‍රියාකාරකම් බවට පරිවර්තනය කිරීම සමාගමේ අරමුණයි.
පීපල්ස් ලීසිං සමාගමෙන් ‘සුව හුස්ම’ විශේෂ වැඩසටහන