IMG-LOGO

2026 මැයි මස 20 වන බදාදා


පීපල්ස් ලීසිං ණයකර නිකුතුවකින් රු.බි. 10ක් රැස් කරගැනීමට යයි


කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං පීඑල්සී සමාගම එහි සිදු කරන ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 10ක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි.

ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි ණයකර නිකුතුවක් ලෙස මෙය සිදු කරන බව සමාගම සඳහන් කරයි. මෙහිදී ණයකර කොටස් මිලියන මිලියන 100 ක් නිකුත් කිරීම යෝජනා වී ඇති අතර, එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් එම නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 10කි.

වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන මෙම ණයකර නිකුතුව සඳහා අදාළ නියාමන ආයතනවල අනුමැතීන් හිමිවිය යුතුව ඇතැයිද සමාගම පවසයි. මෙම නිකුතුව හරහා රැස් කෙරෙන මුදල් සමාගමෙහි අදියර 2 ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා යොදා ගන්නා බවත්, සිය ණය පොත තවදුරටත් වර්ධනය කරගැනීමට සහාය කරගන්නා බවත් සඳහන් වෙයි. එසේම මෙම ණයකර නිකුතුව ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමත් සැලසුම වී තිබේ.

මේ අතර ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය මගින් පීපල්ස් ලීසිං සමාගමෙහි මෙම යෝජිත ණයකර නිකුතුව සඳහා  BBB+  ලෙස අපේක්ෂිත ජාතික දිගුකාලීන ‍ණය ශ්‍රෙ‌්ණිගත කිරීමක් ලබාදීමටද පියවර ගෙන තිබේ. 

විශේෂයෙන්ම මහජන බැංකුව පීපල්ස් ලීසිං සමාගමෙහි මව් සමාගම වීමත්, ඒ හරහා ලැබෙන සහයෝගයත් මෙම ශ්‍රේණිය ලබාදීමට හේතුවක් වූ බවත් ෆිච් රේටින්ග්ස් වැඩිදුරටත් පවසයි. අද වනවිට මහජන බැකුවේ ෆිච් ශ්‍රේණිගත කිරීම A ලෙසත්, පීපල්ස් ලීසිං ශ්‍රේණිගත කිරීම A- ලෙසත් සටහන්ව තිබේ.



අදහස් (0)

පීපල්ස් ලීසිං ණයකර නිකුතුවකින් රු.බි. 10ක් රැස් කරගැනීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site