×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 ජුලි මස 06 වන ඉරිදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
පුනර්ජනනීය බලශක්ති ජනනය නිවාඩු දිනවල නතර කිරීමෙන් කෝටි 32ක පාඩුවක්
කතෘ මණ්ඩලය 2025 ජුලි මස 02
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
විදුලිබල මණ්ඩලයේ
තීරණය හේතුවෙන්
ජාතික විදුලිය බල
පද්ධතියට එකතුවීමට තිබූ
විදුලිය ඒකක මිලියන 16කට
අධික ප්‍රමාණයක් අහිමිවෙලා
රංජන් කස්තුරි
පුනර්ජනනීය බල ශක්ති ජනනය කිරීම් ඉරිදා සහ නිවාඩු දිනවල ක්‍රියා විරහිත කිරීමේ ලංකා විදුලිබල මණ්ඩලයේ තීරණය හේතුවෙන් මේ වන විට රුපියල් කෝටි 32ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනය සඳහන් කරයි.
මේ වසරේ පෙබරවාරි මස 9 වැනි දින සිට මේ දක්වා ලංකා විදුලිබල මණ්ඩලය එම පියවර ගැනීම හේතුවෙන් ජාතික විදුලිය බල පද්ධතියට එකතුවීමට තිබූ විදුලිය ඒකක මිලියන16 කට අධික ප්‍රමාණයක් අහිමි වී ගිය බවද එම සම්මේලනයේ විධායක සභික ප්‍රභාත්වික්‍රමසිංහ මහතා පැවසීය.
මේ වසරේ පෙබරවාරි මස 9වැනි දින පානදුර ග්‍රිඩ් උපපොළේ සිදුවූ හදිසි බිඳවැටීම හේතුවෙන් රට පුරා එකවර විදුලිය විසන්ධි වීමෙන් පසුව සෝලා, සුළං සහ කුඩා පරිමාණ ජලවිදුලි බලාගාර සෑම ඉරිදා පෝය දිනවල සහ රජයේ නිවාඩු දිනවල පෙරවරු 9 සිට සවස 3 දක්වා ක්‍රියා විරහිත කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරන බවද ඔහු කීවේය.
එම දිනවල විදුලි ඉල්ලුම අඩුවීම නිසා ජාතික විදුලි බල පද්ධතිය සමතුලිත කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවක් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළ ද එමගින් පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයට සිදුවන පාඩුව අතිවිශාල බවද වික්‍රමසිංහ මහතා පැවසීය. පෞද්ගලික ආයෝජකයන්ට මෙමගින් සිදුවන අති විශාල පාඩුව දරාගත නොහැකි බවද ඒ නිසා ඊට සාධාරණ වන්දියක් ගෙවන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය. පුනර්ජනනීය බලශක්ති ජනනය මෙලෙස කඩින් කඩ නතර කිරීම නිසා ආයෝජකයන්ට ණය ගෙවීම කාර්ය මණ්ඩල වැටුප් ගෙවීම සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු පවාකර ගැනීමට නොහැකි වී තිබෙන බවද ප්‍රභාත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ලංකා විදුලිබල මණ්ඩලයට බැටරි බලශක්ති ගබඩා පද්ධති ජාතික විදුලිය බලපද්ධතියට හඳුන්වාදීමට නොහැකිවීම හේතුවෙන් මෙම ගැටලුව පැන නැගී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
අදහස් (0)
පුනර්ජනනීය බලශක්ති ජනනය නිවාඩු දිනවල නතර කිරීමෙන් කෝටි 32ක පාඩුවක්
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
පුනර්ජනනීය බලශක්ති ජනනය නිවාඩු දිනවල නතර කිරීමෙන් කෝටි 32ක පාඩුවක්