IMG-LOGO

2026 මැයි මස 20 වන බදාදා


පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ උපදේශන කොන්ත්‍රාත්තුව ස්පාඤ්ඤ සමාගමකට

ව්‍යාපෘතියේ වටිනාකම ඩොලර් මිලියන 1.49ක්


විදුලිබල පද්ධතිය සවිබල ගැන්වීම සහ පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන උපදේශක සේවා කොන්ත්‍රාත්තුව ස්පාඤ්ඤයේ Mercados Aries International S.A. නම් සමාගම වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව පවසයි. 

මෙහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1.49ක, එනම් ශ්‍රී ලංකා රුපියල් මිලියන 43.20ක (එකතු කළ අගය මත බදු රහිතව) මුදලකට පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. 

ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි. එම උපදේශන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා අභිප්‍රාය පළ කිරීමේ යෝජනා කැඳවූ අවස්ථාවේදී සමාගම් 11ක් ඊට යෝජනා ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ මාර්ගෝපදේශයන්ට‌ අනුකූලව එකී සමාගම් අතරින් කෙටි ලැයිස්තුගත කළ ආයතන වෙත යෝජනා සඳහා ඉල්ලීමක් නිකුත් කරනු ලැබීමෙන් අනතුරුව, එම යෝජනා ඇගයීමෙන් පසුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව අදාළ සමාගම තෝරා ගෙන තිබේ.



අදහස් (0)

පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ උපදේශන කොන්ත්‍රාත්තුව ස්පාඤ්ඤ සමාගමකට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site