IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


පෑන්ඒෂියන් පවර් භූමියේ සූර්ය බල ව්‍යාපෘති දෙකක් අරඹයි

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගම මෙගාවොට් 5ක ධාරිතාවකින් යුත් භූමිය මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘති දෙකක් ආරම්භ කළ බව පවසයි. එම සමාගමේ පරිපාලිත සමාගම් හරහා මෙම ව්‍යාපෘති මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ. 

පසුගිය මැයි 17 වැනිදා ආරම්භ කළ මෙම ව්‍යාපෘති දෙක අනුරාධපුරයේ සහ මාහෝ ග්‍රිඩ් උප පොළ ආශ්‍රිතව පිහිටා ඇති අතර, එම බලාගාර දෙකෙහි විදුලිය නුදුරේදීම ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික පද්ධතිය වෙත සම්බන්ධ කෙරෙනු ඇති බවත් පවසයි. මෙම විදුලි බලාගාර දෙක සඳහාම යොදා ගෙන ඇත්තේ නවීනතම තාක්ෂණය බව පවසන එම සමාගම, එහිදී ද්විත්ව-මුහුණත, සූර්යාලෝකය හඹා යා හැකි තාක්ෂණයක් සහිත N මාදිලියේ සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා මොඩියුල යොද ගෙන ඇතැයි පවසයි. මේ හරහා එම ප්‍රකාශ වෝල්ටීයතා මොඩියුල සූර්යයාගේ ගමන් මාර්ගය අනුව යමින් දිනය පුරා උපරිම සූර්ය එළියක් ඒ වෙත ලබා ගැනීමට කටයුතු කරනු ඇති බවත් එම සමාගම සඳහන් කරයි. පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වය එනම් සියයට 74.84ක් පවතින්නේ RIL Property PLC සමාගමටයි.



අදහස් (0)

පෑන්ඒෂියන් පවර් භූමියේ සූර්ය බල ව්‍යාපෘති දෙකක් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site