IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


පීඩාවට පත් ජනතාවට සහාය වීමට එක්සත් රාජධානියෙන් ඩොලර් 890,000ක්

විමුක්ති එස් රුද්‍රිගු


දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය හදිසි සහාය සැපයීම සඳහා එක්සත් රාජධානිය ලබාදුන් ඇමෙරිකානු ඩොලර් 890,000 ක මූල්‍ය සහාය මෙරට වැඩ බලන මහ කොමසාරිස් තෙරේසා ඕ’මහෝනි මහත්මිය නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාට පිරිනැමුවාය.
බලපෑමට ලක් වූ පවුල්වල ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා නවාතැන් ද්‍රව්‍ය, පිරිසුදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් සැපයීමට මානුෂීය හවුල්කරුවන්ට මෙම මූල්‍ය සහායෙන් හැකියාව ලැබෙනු ඇති බවද මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.



අදහස් (0)

පීඩාවට පත් ජනතාවට සහාය වීමට එක්සත් රාජධානියෙන් ඩොලර් 890,000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site