IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


පිටිගල අතුකෝරළ තේ කර්මාන්තශාලාව තේ වෙන්දේසියේදී උපරිම මිල වාර්තා කරයි

පිටිගල ප්‍රදේශයේ පිහිටි අතුකෝරළ තේ කර්මාන්තශාලාව විසින් නිෂ්පාදනය කරන ලද තේ වර්ගයක්, 2025 දෙසැම්බර් 15 දින පැවැති තේ වෙන්දේසියේදී Low Grown Category යටතේ ඉහළම මිලක් ලබාගැනීමට සමත් වී ඇත.
එම වෙන්දේසියේදී, FBOP1 වර්ගයට අයත් තේ කිලෝග්‍රෑමයක් රු. 2,250.00ක් වැනි  මිලකට අලෙවි වී ඇති බව වාර්තා වේ. මෙම අලෙවිය සතියේ එම කාණ්ඩය යටතේ වාර්තා වූ ඉහළම මිල ලෙස සටහන් වී ඇත. BPML Produce Marketing (Pvt) Ltd සමාගම විසින්  මෙම තේ තොගය අලෙවි කරන ලදි.
ISO 22000:2018 සහ HACCP ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, උසස් තත්ත්ව පාලනයක් යටතේ සිදුකරන නිෂ්පාදන ක්‍රියාවලිය සහ නවීන තාක්ෂණය සහ අත්දැකීම් සහිත සේවක පිරිසකගේ කැපවීම මෙම ජයග්‍රහණයට මූලිකව හේතු වී ඇත.
අතුකෝරළ තේ කර්මාන්තශාලාව, ශ්‍රී ලංකා තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ නාමය ජාත්‍යන්තර වෙෙළඳපොළ තුළ තවදුරටත් ඉහළ නැංවීමට සහ තේ හා බැදුණු සංචාරක ව්‍යාපාරය තුළින් විදේශ විනිමය උපයා දේශීය ආර්ථිකයෙහි වර්ධනයට දායකත්වය ලබාදීමට  අඛණ්ඩව කැපවී කටයුතු කරන බව අතුකෝරළ සමූහ  ව්‍යාපාරයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අනුර අතුකෝරළ පැවසීය.



අදහස් (0)

පිටිගල අතුකෝරළ තේ කර්මාන්තශාලාව තේ වෙන්දේසියේදී උපරිම මිල වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site