ඩී. ජේ. විජේසිංහ
ශ්‍රී ලාංකේය තේ කලාව නව මානයකට ගෙන යමින් ලෝකය පුරාම සිලෝන් ටී නාමය ප්‍රචලිත කිරීමට අනබිභවනීය මෙහෙයක නිරතවී සිටින පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ 15 වැනි සැමරුම් උත්සව මාලාව වත්මන් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ අනුර අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (4) දවස පුරා එම තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.
හෙළ තේ කෙතට මේ මහා තේ කර්මාන්ත ශාලාව දායාද කළ එහි නිර්මාතෘ සහ ආරම්භක සභාපති ඩී. ඩබ්ලිව්. අතුකෝරළ මහතා දිවංගත වී එදිනට පහළොස් වසක් සපිරීම වස් එදින පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලා දිනය ලෙස නම්කර තිබෙන අතර ඒ මහතාගේ ගුණ සමරමින් මේ උත්සව මාලාව අගෝතු 4 වැනිදා දවස පුරා පැවැත්වේ.
මේ නිමිත්තෙන් පින්කම් සහ තවත් සැමරුම් උත්සව අවස්ථා රැසක් ක්‍රියාවට නැංවීමට පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලා සමූහයේ වත්මන් සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අනුර අතුකෝරළ මහතා පියවර ගෙන තිබේ.
කර්මාන්තශාලා නිර්මාතෘ සහ ආරම්භක සභාපති වෙනුවෙන් පැන් වැඩීම දහවල මහා සාංඝික දානමය පින්කම් ද පැවැත්වේ. ඉන් අනතුරුව මේ මහා කර්මාන්ත ශාලාව ලංකාවේ පමණක් නොව ලෝකයේම ඉහළින් තැබීමට සිය කාලය ශ්‍රමය හා කැපකළ සියලුම සේවක, සේවිකාවන් ඇගයීම සහ මේ තේ කර්මාන්ත ශාලාව පිළිබඳවම නිරන්තරයෙන්ම මෙරටට පමණක් නොව ලෝකයාටම පනිවිඩ දෙන මාධ්‍යවේදීන් ඇගයීමද මීට සමගාමීව සිදුකෙරේ.
පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලා සමූහයේ නිර්මාතෘ දින සැමරුම හෙට