භානුක අමරසිංහ
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස නිහාල් ෆොන්සේකා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ජූනි 26 වැනිදා සිට බලාත්මක වන පරිදි ෆොන්සේකා මහතා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. මෙම පත් කිරීම සිදු කරන අවස්ථාව වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 70 ක් බවත් සමාගම පවසයි.
පසුගිය ජූනි 26 වැනිදා පැවැත්වුණු සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමේදී එහි කොටස් හිමිකරුවන් විසින් මෙම නව පත්කිරීම කර ඇති අතර, එහිදී ඒ මහතාගේ වයස පිළිබඳ කාරණාව ද නිරාකරණය කරගත් බව සමාගම පවසයි. විශ්‍රාමික බැංකුකරුවකු වන නිහාල් ෆොන්සේකා මහතා වර්තමානයේදී මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ද සාමාජිකයෙක් ලෙස කටයුතු කරයි. එසේම ඒ මහතා ෆීනිකිස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපතිවරයා ද වෙයි. ඔහු මීට පෙර කොළඹ කොටස් හුවමාරුවේ හිටපු සභාපතිවරයකු ලෙස ද කටයුතු කර තිබේ.
නිහාල් ෆොන්සේකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට