IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නෙස්ලේ MILO, ‘Win Big’ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට මැලේසියාවට සවාරියක්

නෙස්ලේ MILO වෙළෙඳනාමය යටතේ දියත් කරනු ලැබූ නවතම පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් වෙනුවෙන් රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා සිදුවිය. 

සිහින සැබෑකර ගැනීම සඳහා තම කැපවීම ප්‍රදර්ශනය කළ නෙස්ලේ MILO මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රථම ස්ථානය වෙනුවෙන් මැලේසියාවට පවුලේ සංචාරයක් හිමිකර දීමට කටයුතු කරන ලදී. ඒ අනුව එම සුවිශේෂී අවස්ථාව අහංගම පටබැඳිගේ පවුලට හිමිවූ අතර සුපිපි ගීත්මා ජවීර පටබැඳිගේ, කැලුම් ජයවීර පටබැඳිගේ, කලිඳු ජයවීර පටබැඳිගේ සහ රසික බෝදිය මරක්කල පටබැඳිගේ යන අය එම වාසනාවන්තයෝ බවට පත්වූහ.

පරම්පරා ගණනාවක විශ්වසනීය සන්නාමයක් ලෙස ශ්‍රී ලාංකිකයන්ගේ පිළිගැනීමට ලක්ව ඇති නෙස්ලේ MILO සෑමවිටකම දරුවන්ගේ හැකියාව ශක්තියෙන් සවිබල ගැන්වීමට කටයුතු කරමින් ශක්තියට එහා ගිය වටිනාකමක් ඔවුන්ට ලබාදීමට සමත්ව සිටියි.



අදහස් (0)

නෙස්ලේ MILO, ‘Win Big’ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට මැලේසියාවට සවාරියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site