IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


නිව්සෝන් හෝල්ඩිංග්ස් නව ශාඛාව පේරාදෙණිය-ගන්නෝරුෙව්දී විවෘත කෙරේ

ශ්‍රී ලාංකික මෝටර් රථ අලෙවියෙන් පසු සේවා සපයන ආයතන හා අත්වැල් බැඳගත් නිව්සෝන් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම වසර 11ක ඉතිහාසයක් සමගින්, මෝටර් රථ අලෙවියෙන් පසු සේවා සඳහා අවශ්‍ය සියලු‍ම Car Care Products, Workshop Tools & Equipment සහ අනෙකුත් සේවා අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් කටයුතු කරමින් පවතී.
මෙම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා සමාගම ලොව ඉහළ පෙළේ සන්නාම වන 3M, Meguiars, Normfest, Precision4Tech, Supu, BSF ආදිය සමග අත්වැල් බැඳගෙන ක්‍රියාත්මක වේ.
සමාගමේ ප්‍රධාන ශාඛාව තලංගම උතුර, කොස්වත්තේ පිහිටා ඇති අතර, සේවා ජාලය පුළුල් කිරීමේ අරමුණින් නවතම ශාඛාව මහනුවර පේරාදෙණිය, ගන්නෝරුව මංසන්ධියේ 2025 ඔක්තෝබර් 8 වැනි දින උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
මෙම විශේෂ අවස්ථාවට සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රංග මායාදුන්න මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ නලින් පෙරේරා සහ අනුර නිශාන්ත යන මහත්වරු සහභාගී වූ අතර, නිව්සෝන් ආයතනයේ ව්‍යාපාරික සහකරුවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නව ශාඛාව විවෘත කිරීම සමරනුවස්, එදින සොඳුරු පාරිභෝගික හමුවක්ද සංවිධානය කරනු ලැබීය.
මෙම නව ශාඛාවත් සමග නිව්සෝන් හෝල්ඩිංග්ස්, ශ්‍රී ලංකාවේ මෝටර් රථ අලෙවියෙන් පසු සේවා ක්ෂේත්‍රයේ නව මට්ටමක් පිහිටුවමින්, ගනුදෙනුකරුවන්ට වැඩි සේවා පහසුකම් සහ විශ්වාසදායකත්වය ලබාදීමට තවත් එක් පියවරක් ගනී.



අදහස් (0)

නිව්සෝන් හෝල්ඩිංග්ස් නව ශාඛාව පේරාදෙණිය-ගන්නෝරුෙව්දී විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site