ගෝලීය වශයෙන් පිළිගත් FSSC 22000 ආහාර සුරක්ෂිතතා ප්‍රමිතිය යටතේ සහතික කරන ලද ශ්‍රී ලංකාවේ පළමු සහ එකම කුකුළු මස් නිෂ්පාදකයා ලෙස නිව් ඇන්තනීස් සමූහය, මෙරට මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තය තුළ පුරෝගාමී ගමනක නිරතවෙමින් සිටී. FSSC 22000 සහතිකය යනු කෙතරම් වටිනා සහතිකයක් දැයි කියතොත්, එය ගෝලීය ආහාර සුරක්ෂිතතා වැඩසටහන (GFSI) මගින් පාලනය වන සහ ලොව පුරා ජාත්‍යන්තර ආහාර නියාමකයන්, වෙළෙඳ ආයතන සහ පාරිභෝගිකයන් විසින් පිළිගනු ලබන ආහාර සුරක්ෂිතතාවේ රන් ප්‍රමිතිය ලෙස හැඳින්වීම වැරදි නැත.
ලාංකික කුකුළු මස් වෙළෙඳ නාමයක් මෙම ප්‍රමිතිය සපුරාලීම දුර්ලභ දෙයක් පමණක් නොව, එය විප්ලවීය කාර්යයකි. බොහෝ නිෂ්පාදකයන් සිය ආහාර සුරක්ෂිතතා ප්‍රමිති, මූලික සනීපාරක්ෂාවට හෝ අනුකූලතාවට සීමාකළ ද, නිව් ඇන්තනීස් විසින් දේශීය විශ්වාසය සහ ගෝලීය වෙළෙඳාම යන අංශ දෙකම වෙනුවෙන් පරිපූර්ණ ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතියක් සහතික කිරීම සඳහා පියවර කිහිපයක්ම ඉදිරියට ගොස් ඇත. ඒ හරහා ලංකාවේ කුකුළු මස් කර්මාන්තය ගෝලීය අවධානයට ලක් කරමින් ලංකාව වැනි කුඩා රටක වෙළෙඳ නාමයකට පවා දැවැන්ත ගෝලීය ප්‍රමිති අනුගමනය කළ හැකි බවට කදිම නිදසුනක් සපයයි.
එය දැවැන්ත කැපවීමක් වන අතර ඒ හරහා නිව් ඇන්තනීස් සමූහය ආහාර සුරක්ෂිතතාව, ගුණාත්මකභාවය සහ පාරිභෝගික යහපැවැත්ම සඳහා වූ සිය කැපවීම අවධාරණය කරයි. තව ද ආචාර ධර්මීය ලෙස සකසන ආහාර, ආචාර ධාර්මික පිළිවෙත්වලින් ආරම්භ විය යුතු බවත්, නිෂ්පාදනයේ විශිෂ්ටත්වය සත්ත්ව ගොවිපොළේ සිට නිවස දක්වා සෑම පියවරකදීම පිළිබිඹු විය යුතු බවත් නිව් ඇන්තනීස් තරයේ අදහයි.
නිව් ඇන්තනීස් සමූහය විශ්වාසකරන පරිදි ගුණාත්මකභාවය ආරම්භ වන්නේ සංවේදීතාවයෙනි. සමාගමේ හරිතහරි කුකුළු ගොවිපොළ සත්වයන්ගේ ආතතිය අඩු කිරීමට සහ ස්වාභාවික හැසිරීම් ප්‍රවර්ධනය කිරීමට වඩාත් සුදුසු ලෙස ඉඩකඩ සහිත, හොඳින් වාතාශ්‍රය ඇති අයුරින් නිර්මාණය කර තිබේ. ප්‍රතිජීවකවලින් තොර ආහාර වේලක් සතුන්ට ලබාදෙන අතර, ගෘහස්ථ පෝෂණවේදීන් කණ්ඩායමක් විසින් සතුන්ගේ දෛනික චර්යා සහ ආහාර කාලසටහන් අධීක්ෂණය කරනු ලැබේ. රසායනික මැදිහත්වීම්වලින් තොරවීම, වඩාත් මානුෂීය සහ ඵලදායී බවට සමාගම විශ්වාස කරන බැවින් ඊට අනුකූල දැඩි ජෛව ආරක්ෂණ ප්‍රමිතිද ගොවිපොළ අනුගමනය කරයි. මෙම පිළිවෙත් එක්සත් ජනපද ජාතික කුකුළුමස් කවුන්සිලයේ ප්‍රමිති ඇතුළු ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වන අතර, සත්ව සුබසාධනය හුදෙක් වචනයකට සීමා නොකර දෛනික කැපවීමක් ලෙස සලකනු ලැබේ.
ආහාර සකස්කරන ආකාරය සහ ආරක්ෂාව පිළිබඳව පාරිභෝගිකයන් නිරන්තරයෙන් ප්‍රශ්න කරන කාලයක, නිව් ඇන්තනීස් සමූහය සිය ආහාර නිෂ්පාදන සඳහා සම්පූර්ණ විනිවිදභාවයක් පිරිනමයි. ඔවුන්ගේ නිෂ්පාදන මෙහෙයුම් FSSC 22000, ISO 22000, GMP, සහ HACCP වැනි ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්ට අනුකූලව සම්පූර්ණයෙන්ම සහතික කර ඇති අතර, ගොවිපොළේ සිට වෙළෙඳසැල දක්වා වූ සැපයුම් දාමය තුළ සෑම නිෂ්පාදනයක්ම පරෙස්සමෙන් නිරීක්ෂණය කරන බව සහතික කරයි. ශීතාගාර සැපයුම් විගණන සහ තෙවන පාර්ශවීය පරීක්ෂණ මගින් සෑම නිෂ්පාදනයකම ඉහළම ආරක්ෂාව සහ ගුණාත්මක ප්‍රමිති සපුරාලන බව ද සනාථ කරයි. මෙම වගවීමේ මට්ටම මෙරට පාරිභෝගිකයන්ට කුකුළු මස් සම්බන්ධයෙන් විශ්වාසයක් ලබා දෙන අතර, සැබවින්ම විශ්වාසය තැබිය හැකි වෙළෙඳ නාමයක් ලෙස හරිතහරි කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කරයි.
නිව් ඇන්තනීස් සමූහය පාරිසරික භාරකාරත්වය පිළිබඳ දක්වන්නේ ගැඹුරු අවධානයකි. 2022 ජූලි මාසයේදී, නෙදර්ලන්ත පාලක සංගමය විසින් සහතික කරන ලද ISO14064-1 ප්‍රමිති යටතේ හරිතාගාර වායු (GHG) සත්‍යාපනය ලබා ගත් ලංකාවේ පළමු සහ එකම කුකුළුමස් නිෂ්පාදන සමාගම බවට නිව් ඇන්තනීස් පත්විය. නිව් ඇන්තනීස් සමූහයේ තිරසරභාවය සඳහා වූ කැපවීම ආහාර සම්පාදනයේ මූලාශ්‍රය තෙක් ගමන්කිරීම ද විශේෂත්වයකි. “තිරසාර එක්සත් ජනපද සෝයා” ලාංඡනයට තනි අයිතිය හිමිකරගැනීමත් සමග දකුණු ආසියාවේ සහ උප-සහාරා අප්‍රිකානු කලාපයේ ආහාරවල තිරසාරභාවය පිළිබඳ පුරෝගාමියකු බවට නිව් ඇන්තනීස් පත්ව තිබේ. මෙම ලාංඡනය මගින් පරිසරය, ජෛව විවිධත්වය සහ සමාජ සුබසාධනයට හානි නොවන ලෙස වගාකළ සෝයා බෝංචි සත්ව ආහාර ලෙස භාවිත කරන බව සහතික කරයි. ගෝල්ඩ් කොයින් ෆීඩ් මිල්ස් සමාගම හිමිකරගැනීමේ සිට මස් නිෂ්පාදන සිල්ලර වෙළෙඳසැල් වෙත ව්‍යාප්ත කිරීම සහ දිවයින පුරා බෙදාහැරීම දක්වා සිරස් ඒකාබද්ධ කිරීමෙන් ද පරිසර හිතකාමීබව වර්ධනය සඳහා ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කරයි.
නිව් ඇන්තනීස් සමූහයේ සමාජ බලපෑම හුදෙක් නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඔබ්බට ද විහිදේ. ආහාර සුරක්ෂිතතාව සහ ප්‍රතිජීවක ප්‍රතිරෝධය (AMR) පිළිබඳ ජාතික සංවාදවලට නායකත්වය ලබාදෙන සමාගම 2024 නොවැම්බර් මාස යේදී, ලෝක ප්‍රතිජීවක ප්‍රතිරෝධය පිළිබඳ දැනුවත් කිරීමේ සතිය වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය කරන්නට යෙදුණි.
එමෙන්ම Healthy Living Expo සහ Living Expo 2025 2025 වැනි ප්‍රදර්ශනවලට නිරන්තරයෙන් සහභාගීවන සමාගම, ප්‍රතිජීවකවලින් තොර කුකුළු මස්, පරිසර හිතකාමී ඇසුරුම්කරණය සහ දැනුවත්භාවයෙන් යුතු ආහාර පරිභෝජන රටාව පිළිබඳ පාරිභෝගිකයන් සමග සෘජුවම දැනුම බෙදා ගනී.
නිව් ඇන්තනි සමූහයේ සදාචාරාත්මක, තිරසාර සහ ඉදිරිගාමී පිළිවෙත් සඳහා ඇති කැපවීම සමාජයේ බුහුමනට ද ලක්ව තිබේ. වගකීම් සහගත ලෙස කුකුළු මස් නිෂ්පාදනය සඳහා නිව් ඇන්තනීස් සමූහයෙන් ලැබෙන දායකත්වය වෙත ප්‍රමුඛ පිළිගැනීමක් හිමිව තිබේ. 2025 මාර්තු මාසයේදී, 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී සැකසූ ආහාර කාණ්ඩයේ හොඳම අපනයනකරු ලෙස සමාගමට ගෞරව සම්මානයක් හිමිවීම ඊට හොඳම උදාහරණයකි. එය ජාත්‍යන්තර වෙළෙඳපොළේ සමාගමේ වර්ධනය, ආහාර සුරක්ෂිතතාව සඳහා කැපවීම සහ තිරසාර භාවිතාවන් වෙත ලැබුණු කීර්තිමත් පිළිගැනීමකි. එමෙන්ම 2023 සහ 2024 දී 2024 දී ProFood AgriBiz ප්‍රදර්ශනවලදී හොඳම කුටිය සඳහා නිව් ඇන්තනීස් අඛණ්ඩව ජයග්‍රහණ ලබාගත් අතර එහිදී ඔවුන්ගේ නවෝත්පාදනය, ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදන ගුණාත්මකභාවය ඇගයීමට ලක්විය.
නිව් ඇන්තනීස් ලංකාවේ මාංශ නිෂ්පාදන කර්මාන්තයේ සලකුණ