විමුක්ති එස් රුද්‍රිගු
නව ආනයන පර්යන්තයක් සමගින් ශ්‍රී ලංකන් කාගෝ ගුවන් භාණ්ඩ මෙහෙයුම් සියයට 70 කින් පුළුල් කර ගැනීමට සිය ගුවන් සේවය බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකන් කාගෝ ප්‍රධානී චමින්ද පෙරේරා මහතා පෙරේදා (20) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකන් කාගෝ සතුව ගුවන් භාණ්ඩ මෙහෙයුම් සඳහා පර්යන්ත පහක් තිබෙන බවත් වර්ග අඩි 10,000 නව පර්යන්තයත් සමග තවත් අමතර ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 177,000 ක් පමණ හැසිරවීමට හැකියාව ලැබෙනු ඇතැයිද ඔහු පැවැසුවේය. වර්තමානයේ ශ්‍රී ලංකන් කාගෝ වර්ග අඩි 16,500 ක් පුරවාට ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 250,000 ක් පමණ හසුරවන බව ඔහු ප්‍රකාශ කළේය.
පර්යන්ත පුළුල් කිරීම මගින් 2030 වසර වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 30 අපනයන ඉලක්කයක් සපුරා ගැනීමේ රජයේ ඉලක්කයට දායකවීමට හැකියාව ලැබෙන බවද ඔහු පැවැසුවේය.
මාධ්‍යවේදීන් සඳහා ශ්‍රී ලංකන් කාගෝ සංවිධානය කළ සංචාරයක් අතරතුරදී චමින්ද පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.
නව ආනයන පර්යන්තයක් සමගින් ශ්‍රී ලංකන් කාගෝ මෙහෙයුම් සියයට 70 කින් පුළුල් කෙරේ