නිමල කොඩිතුවක්කු
නොරොචෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ධාරිත්‍රක සිසිලන පද්ධතිය සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතිය සඳහා ආධාරක විදුලි සැපයුම් පද්ධති ප්‍රසම්පාදනය කිරීම සඳහා තැබිනට් අනුමැතිය ලැබී ඇතැයි විදෙස් හා සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
නොරොව්වෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය ආරක්ෂාකාරීව අක්‍රීය වීම සඳහා එම බලාගාරය තුළ සහායක විදුලි සැපයුමක් නොමැති වීම හේතුවෙන් රට පුරා විදුලිය බිඳ වැටීමකදී විදුලි බලාගාරයේ ධාරිත්‍රක සිසිලන පද්ධතියේ සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියේ ආධාරක විදුලි සැපයුම අකර්මණ්‍ය වේ.
සිසිලනය සඳහා ඉඩ සලසමින් දින 4ක හෝ 5 ක කාලයකට බලාගාරයේ මෙහෙයුම් කටයුතු අත්හිටු වීමට සිදු වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු මූල්‍ය අලාභයක් ද සිදු වේ.
මෙම තත්වය වළක්වා ගැනීම සඳහා තාක්ෂණික වශයෙන් යෝග්‍ය විසඳුමක් සොයා බැලීම පිණිස පත් කරන ලද කමිටුව විසින් අත්‍යවශ්‍ය පද්ධති සඳහා කෙටි කලක් තුළ ක්‍රියාවට නැංවිය හැකි, නොකඩවා ක්‍රියාත්මක වන ආධාරක උප විදුලි බල සැපයුමක් හඳුන්වා දීම සුදුසු බවට යෝජනා කර ඇත.
නොරොචෝලේ ආධාරක විදුලිබල සැපයුමක් ක්‍රියාවට නැංවීමේ ව්‍යාපෘතියක්