IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


නිපෝන් පේන්ට් නව Aqua Proof 7 in 1 හඳුන්වා දෙයි

නව Aqua Proof 7 in 1  හඳුන්වා දීමෙන් නිවැසියන්ට ජල කාන්දුවීම් හා තෙතමනයෙන් ඇති වන හානිය මග හරවා ගැනීමට නිපෝන් පෙන්ට් සහාය වෙයි. එය බිත්ති ආරක්ෂා කරන අතර නිවස නැවුම්, පිරිසුදු සහ අලංකාර ලෙස තබා ගන්නා ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුත් ජලය කාන්දු නොවන තීන්තයකි.

“Nippon Paint Lanka සමාගමේ අපි, ලාංකික නිවාස හිමියන්ගේ අවශ්‍යතා තේරුම් ගැනීමට සමත් වී සිටිමු,” යයි Nippon Paint Lanka අධ්‍යක්ෂ ජනරාල් Low Yoon Pak  පැවසීය.

“අනපේක්ෂිත මෝසම් වැසිවල සිට වෙරළබඩ ප්‍රදේශ දක්වා, අපි අපගේ නිෂ්පාදන නිර්මාණය කරන්නේ මෙම ජීවිතයේ අත්විඳින අභියෝග හිතේ තබාගෙනයි. නව්‍යකරණය අප කරන සෑම දෙයකටම මුල් වන අතර, නවAqua Proof 7 in 1  එහි ප්‍රතිඵලයක්.”

 “බිත්ති මත ආලේප කරන තීන්තවලින් ජලය කාන්දුවීම වැළැක්වීමට බලාපොරොත්තු වෙනවා නම්, ඒ සඳහා කදිම විසඳුමක් තියෙන්නේ නිපෝන් පේන්ට් හඳුන්වා දුන් Aqua Proof 7 in 1  වලින් තමා. මෙහි විශේෂත්වය වෙන්නේ, ජල විකර්ෂක ගුණයයි. ඒ වගේම තීන්ත පටලය මත ජලය නොරැඳෙන නිසා තීන්ත පටලය මත කුණු, දූවිලි ද රැඳෙන්නේ නෑ. හොඳ ඝණකමට වගේම ඇදෙනසුළු තීන්ත පටලයක් ඇතිවෙන නිසා දැඩි හිරු රශ්මියෙන් වෙන හානි වගේම, පරණ බිත්ති මත ඇතිවන සියුම් ඉරිතැලීම් පවා ආවරණය වනවා. දිලීර හා ඇල්ගී වර්ධනය නොවන නිසා තීන්ත පටලය නිසා ආරක්ෂාව සහ අලංකාරය සහතික වෙනවා.”



අදහස් (0)

නිපෝන් පේන්ට් නව Aqua Proof 7 in 1 හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site