විමුක්ති එස් රුද්‍රිගු
පසුගිය වසරේදී මෙරට නීත්‍යානුකූල සිගරට් අලෙවිය පහත ගොස් ඇතත් නීති විරෝධීව මෙරටට ගෙන්වන සිගරට් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාවේ සටහන් වේ. කෙසේ වෙතත් බීඩි අලෙවිය පසුගිය වසරේදී දීර්ඝ කාලීන වර්ධනයක් පෙන්නුම් කරන බවද එම වාර්තාවේ දැක්වේ.
නීත්‍යානුකූල සිගරට් සහ නීති විරෝධීව ගෙන්වන සිගරට් අතර තිබෙන පුළුල් මිල පරතරය හේතුවෙන් මෙරට නීති විරෝධී සිගරට් වෙළෙඳපොළේ අසාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කරන බවද එම වාර්තාව පෙන්වා දෙයි.
නීති විරෝධී සිගරට් සැලකිය යුතු මට්ටමකින් ඉහළට