විමුක්ති එස් රුද්‍රිගු
සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ ක්‍රමය යටතේ පැවැති නීති ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය ගත් තීරණය සාදරයෙන් පිළිගන්නා බවත් නව නීති ලබන වසරේ මුල සිට ක්‍රියාත්මක වීමට නියමිත බවත් ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
වෙළෙඳපොළ විවෘතභාවය සහ නම්‍යශීලීතාවය වැඩිදියුණු කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ කැපවීම ඉන් පිළිබිඹු වන බවත් බ්‍රිතාන්‍ය ගත් මෙම තීරණය ශ්‍රී ලංකා අපනයනකරුවන්ට බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ සඳහා වන ප්‍රවේශය තවත් පුළුල් වන බවත් ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය. නව සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ ක්‍රමය යටතේ බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට තීරු බදු රහිත ප්‍රවේශය තහවුරු කර ගන්නා අතරම මෙරට ඇඟලුම් නිෂ්පාදකයන්ට ඒ ඒ නිෂ්පාදන සඳහා සියයට සියයක් දක්වා ගෝලීයව අමුද්‍රව්‍ය ලබා ගැනීමට හැකියාව ලබාදෙන බවද වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
නව ක්‍රමය පිළිබඳව හොඳින් අධ්‍යනය කරන ලෙසත් ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසත් මෙරට අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින බවද ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය. මේ පිළිබඳව පෞද්ගලික අංශය දැනුවත් කිරීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ රජය සමග කටයුතු කරනු ඇතැයිද එම මණ්ඩලය ප්‍රකාශ කළේය.
නීති ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය ගත් තීරණයට ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රසාදය