IMG-LOGO

2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා


‘නීති ආධාර සංවාදය 2026’ කොළඹදී ඇරැඹේ

ශ්‍රී ලංකාවේ නීතියේ සහය ලබා ගැනීමට ඇති හැකියාව ශක්තිමත් කිරීම සහ නීති ආධාර සැපයීමේ ක්‍රමවේදය යළි සැලසුම් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින්, ‘නීති ආධාර සංවාදය 2026’ කොළඹදී ආරම්භ විය. යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ඇතිව, අධිකරණ අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගනිමින්, යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ යුනිසෙෆ් (UNICEF ශ්‍රී ලංකා ආයතනය සමග එක්ව නීති ආධාර කොමිෂන් සභාව විසින් මෙම සමුළුව සංවිධානය කර ඇත. ඉකුත්දා පැවැත්වුණු මෙම සංවාදය, යුක්තිය පසිඳලීමේ ක්ෂේත්‍රයේ නව්‍යකරණය සහ සහයෝගීතාව වෙනුවෙන් නිර්මාණය වූ අද්විතීය වේදිකාවකි.
නීති ආධාර සංවාදය ආරම්භ කිරීමේ නිල උත්සවය, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන මහත්මිය, නීති ආධාර කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විවේකානන්දන් පුවිතරන් මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP)  නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට සහාය සංවිධානවල සහ අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.



අදහස් (0)

‘නීති ආධාර සංවාදය 2026’ කොළඹදී ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site