IMG-LOGO

2026 මාර්තු මස 27 වන සිකුරාදා


නාගරික සංවර්ධනයේ කොල්ලු‍පිටියේ ඉඩමක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට

නිමල කොඩිතුවක්කු
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ 03, කොල්ලු‍පිටියේ පෙරහැර මාවතේ පිහිටි ඉඩම් කොටසක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කොළඹ 03, කොල්ලු‍පිටියේ පෙරහැර මාවතේ පිහිටි රූඞ් 02 පර්වස් 23.1ක් වූ ඉඩමේ කොටසක් නේවාසික ඇතුළු මිශ්‍ර සංවර්ධක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා තෝරා ගනු ලැබ තිබූ ආයෝජකයකු වෙත බැහැර කිරීම පිණිස 2024-09-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එකී ආයෝජකයා විසින් අදාළ පැවරුම් කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් එම ඉඩම බදු දීම අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටුව විසින් නිර්දේශ කර තිබේ. එසේම, සුදුසු සංවර්ධන කාර්යයක් සඳහා එම ඉඩම බැහැර කිරීම පිණිස නැවත ආයෝජන යෝජනා කැඳවීම සඳහා 2025-09-04 දින පැවති නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.



අදහස් (0)

නාගරික සංවර්ධනයේ කොල්ලු‍පිටියේ ඉඩමක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site