නිමල කොඩිතුවක්කු
නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් කොටසක් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් අංක 40, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 ලිපිනයේ පිහිටි රූඩ් 03 පර්චස් 13.85 ක් වන ඉඩම් කොටස සඳහා ආයෝජන යෝජනා කැඳවා ඉඩම සංවර්ධනය කිරීම පිණිස සුදුසු ආයෝජකයකු තෝරා ගැනීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, අදාළ ඉඩම් කොටසේ නාගරික සංවර්ධන රෙගුලාසිවලට අනුකූලව මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ආයෝජකයකු තෝරා ගැනීමේ අරමුණින් රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ යාවත්කාලීන තක්සේරුව මත පදනම්ව, 99 අවුරුදු බදු පදනම මත එකී ඉඩම් කොටස බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවයි.
නාගරික සංවර්ධනයේ ඉඩමක් ආයෝජකයන්ට