ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
නිලාවේලි පරවි දූපත ප්‍රවේශ ස්ථානයේ දැනට දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් ඉදිවන නවීන විවේකාගාරය, සනීපාරක්ෂක පහසුකම්, බෝට්ටු පදවන්නන්ගේ විවේකාගාරය සහ ප්‍රවේශපත්‍ර කවුළුවේ ඉදිකිරීම් නිරීක්‍ෂණය කළ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා එරෙක්කන්ඩි කලපුවේ යෝජිත සංචාරක කලාපයේ ඉදිවෙන නැරඹුම් ස්ථානයද නිරීක්ෂණය කළේය.
නැගෙනහිර පළාතේ සංචාරක ප්‍රවර්ධන කටයුතු ඉහළ නංවමින් ජාතික ආදායම ඉහළ දැමීමේ අභිප්‍රාය ඇතිව නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශය නිලාවේලී පරෙවි දූපත ප්‍රවේශ මාර්ගයේ සිදු කරන ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන අටක් වැය කරන අතර එරෙක්කන්ඩි කලපුවේ නැරඹුම් ස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන පහක් වැය කෙරේ.
නැගෙනහිර සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයක