IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්ත ත්‍රිරෝද රථ රියැදුරන් පුහුණු කිරීමේ වැඩමුළුවක්

ත්‍රිකුණාමලය - අමදෝරු අමරජීව


නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තයේ යෙදෙන ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ආකල්ප හා ආචාරධර්ම ඉහළ නැංවීම අරමුණු කරගෙන ආරම්භ කර ඇති සංචාරක කර්මාන්ත ත්‍රිරෝද රථ රියැදුරන් පුහුණු කිරීමේ දෙදින වැඩමුළුවේ අවසන් දින සහතික පත් ප්‍රදානය පසුගියදා සිදු කෙරිණි.
නැගෙනහිර පළාත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරලීමේ අරමුණ ඇතිව පළාත් සංචාරක කාර්යාංශය හා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඒකාබද්ධව ආරම්භ කර ඇති මෙම දෙදින පුහුණු වැඩමුළුව අවසානයේ පළාත් සංචාරක කාර්යාංශය විසින් මෙම ත්‍රිරෝද රථ රියැදුරන් ලියාපදිංචි කිරීමද කරන බව එම කාර්යාංශයේ සභාපති ප්‍රියන්ත මළවැන්නගොඩ මහතා පැවසීය. මීට අමතරව දෙදින වැඩමුළුව වෙනුවෙන් සහභාගිත්වය සහ තහවුරු කිරීම සඳහා පුහුණු සහතිකයක්ද නිකුත් කළ බව සභාපතිවරයා පැවසීය.
සහතික පත් ප්‍රදානයට කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයිනියපිල්ලේ මුබාරක්, පළාත් සංචාරක කාර්යාංශයේ සභාපති ප්‍රියන්ත මළවැන්නගොඩ සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීහු සහභාගී වූහ. නැගෙනහිර පළාතේ මෙවැනි රියැදුරන් දාහක් පුහුණු කිරීමට නියමිතය.



අදහස් (0)

නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්ත ත්‍රිරෝද රථ රියැදුරන් පුහුණු කිරීමේ වැඩමුළුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site