

ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
නැගෙනහිර ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම අරමුණු කරගෙන ත්‍රිකුණාමල හින්දු සංස්කෘතික ශාලාවේදී “Finlit Expo” (පින්ලිට් එක්ස්පෝ) නමින් ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකා මහා බැංකුවේ නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලය මගින් පසුගියදා (22) පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශයට පත්කර ඇති මූල්‍ය සාක්ෂරතා මාසය සමරනු වස් රාජ්‍ය හා වාණිජ බැංකු සම්බන්ධ කරගෙන මෙම ප්‍රදර්ශනය පවත්වනු ලැබූ බව මහා බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු (නැගෙනහිර) කේ. ප්‍රභාකරන් මහතා පැවසීය. මෙහි සමාරම්භක අවස්ථාවට ත්‍රිකුණාමලය දිසාපති ඩබ්ලිව්.ජී. මහේස් හේමන්ත කුමාර මහ බැංකුවේ අධ්‍යක්ෂ (ප්‍රාදේශීය සංවර්ධන) චතුර ආරියදාස යන මහත්වරු සහභාගී වූහ.
මෙම ප්‍රදර්ශනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ආයෝජන අවස්ථා හඳුනා ගැනීමේ පහසුකම්, ණය තොරතුරු කාර්යාංශයේ සේවා, සිසුන් හා තරුණ ප්‍රජාව සඳහා වෘත්තීය පුහුණු මාර්ගෝපදේශ, ව්‍යවසාය සංවර්ධන ඇතුළත්ව තිබු අතර මහ බැංකු යටතේ ක්‍රියාත්මක සේවක අර්ථසාධක අරමුදලේ හා සේවක භාරකාර අරමුදල් තොරතුරු ලබා ගැනීමේ පහසුකම් මෙහි සලසා තිබුණි. මහ බැංකුව මෙතෙක් ප්‍රකාශයට පත් කළ මුදල් කෞතුකාගාරයද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබුණි.
මෙම සමාරම්භක අවස්ථාවට ත්‍රිකුණාමලය අතිරේක දිසාපති එස්. සුදාකරන් මහතා, රාජ්‍ය හා වාණිජ බැංකු කළමනාකරුවෝ පාසල් සිසුහුද එක්ව සිටියහ.
නැගෙනහිර ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවූ “Finlit Expo”