IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


නැගෙනහිර ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයන්ගේ අත්කම් වෙළෙඳ ප්‍රදර්ශනයක්

ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව 

නැගෙනහිර පළාතේ ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයන්ගේ අත්කම් ඇතුළත් “Rural Rise”‍ 2025 නම් වූ වෙළෙඳ ප්‍රදර්ශනය කල්මුණේ කාමේල් පාතිමා විදුහලේදී පැවැත්වුණි.

මෙම අත්කම් වෙළෙඳ ප්‍රදර්ශනය පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සංවිධානය කර තිබූ අතර එය විවෘත කිරීම ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

නැගෙනහිර පළාතේ ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුවේ යටතේ පුහුණු මධ්‍යස්ථානවල පුහුණුව ලබන හා පුහුණුව ලැබූ ස්වයං රැකියා කරන ව්‍යවසායකයන්ගේ අත්කම් නිර්මාණ හා ආහාර නිෂ්පාදන මෙම ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබුණි. මෙම ව්‍යවසායකයන්ගේ ස්වයං රැකියා දිරිගැන්වීමක් ලෙස ග්‍රාම සංවර්ධන සමිති වෙත ස්වයං රැකියා උපකරණ බෙදාදීමක්ද මෙහිදී සිදු කළේය. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් නාමල් තලංගම පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එසෙඩ්.ඒ.මොහොමඩ් ෆයිසාල් යන මහත්වරු ද එක්වූහ.



අදහස් (0)

නැගෙනහිර ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයන්ගේ අත්කම් වෙළෙඳ ප්‍රදර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site