කොන්දේසි විරහිත පාක්ෂිකත්වයකට ඉන්දියාව තල්ලූ කළ හැකි යයි එක්සත් ජනපදයට ඇති විශ්වාසය අදූරදර්ශීය- ස්වයං-විනාශකාරීය
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව වඩාත් බිඳෙනසුළු අවධියකට පිවිසෙමින් තිබේ. වොෂින්ටන් පාලනය විසින් ඇති කරන පීඩනය මුල් කරගත් ප්‍රවේශය හේතුවෙන්, 21 වැනි සියවසේ ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම උපායමාර්ගික වත්කමක් විය හැකි හවුල්කරුවකු දුරස් කරගැනීමේ අවදානමක් නිර්මාණය වී ඇත. 1796 වසරේ දී සිය ධූරයෙන් සමුගැනීමේ කතාවේදී ජෝර්ජ් වොෂින්ටන් ඇමරිකානුවන්ගෙන් මෙසේ ඉල්ලා සිටියේය. “සියලූ ජාතීන් කෙරෙහි යහපත් විශ්වාසයකින් යුතුව යුක්තිය පිළිපදින්න. සියලු දෙනා අතර සාමය හා සමගිය වර්ධනය කරගන්න.” සියවස් දෙකකට වැඩි කාලයකට පසු, ඉතා වෙනස් ආකාරයකට නමුත් සමාන, තීරණාත්මක සන්දර්භයක එම වදන් රැව් පිළිරැව් දෙන බව සඳහන් කළ හැකිය.
ඇමරිකා එක්සත් ජනපදය හා ඉන්දියානු සම්බන්ධතාව වසර ගණනාවක් තිස්සේ, වසර ගණනාවක් තිස්සේ, “21 වැනි සියවස නිර්වචනය කරන හවුල්කාරිත්වයක්” ලෙස හඳුන්වනු ලැබීය. ස්වකීය සමාජවල වෙනස්කම් තිබියදීත්, බහුත්වවාදය, නවෝත්පාදනය සහ විවෘත වෙළෙඳපොළ සඳහා ඔවුන්ගේ කැපවීම හේතුවෙන් එක්සත් වී ඇති සුවිසල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය දෙකක දුර්ලභ කේන්ද්‍රීය ස්වභාවයකි. මෑත වසරවලදී, එම සබඳතාවෙහි කැළඹිලිකාරී වෙනසක් සිදුවී ඇත. දෙරට අතර හවුල්කාරිත්වයේ මූලික ගුණාංගය වූ විශ්වාසය වෙනුවට සැකය හා අවිශ්වාසය මෝදු වෙමින් තිබේ.
සබඳතා පළුදු කිරීමට හේතුවන පැතිකඩ වොෂින්ටනයේ ඇතැමුන්ගේ භයානකලෙස වැරදි ගණනය කිරීම්වලට අයත්ය. එනම්, ඉන්දියාව කොන්දේසි විරහිතව තම පැත්තට නැඹුරු කරගැනීම සඳහා බලපෑම් කිරීමට හෝ “කළමනාකරණය” කරගැනීමට හැකි බවට එක්සත් ජනපදයට ඇති විශ්වාසයයි. මෙම ප්‍රවේශය අදූරදර්ශී සහ ස්වයං - පරාජිත එකකි. ගෝලීය පිළිවෙළ වඩ වඩාත් බහු ධ්‍රැවීයත්වයට නැඹුරු වන සහ පුරෝකථනය දුෂ්කර වන මොහොතක ඇමරිකාවේ වඩාත්ම ස්වාභාවික, සහසම්බන්ධකාරී හවුල්කාරිත්වයක් බිඳදමා ගැනීමේ සියුම් අවදානමක් නිර්මාණය කරගෙන ඇත.
ඉන්දියාව යනු හුදෙක් විශාල නැගී එන ආර්ථිකයක් පමණක් නොවේ. එය ලෝකයේ විශාලතම ජනගහනයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයයි. ඇමරිකානු ඩොලර් ට්‍රිලියන හතරක වර්ධනයක පසුවන ආර්ථිකයකි. අභ්‍යවකාශ ගවේෂණයේ සහ ඩිජිටල් පොදු යටිතල පහසුකම් දක්වා පරාසයක කටයුතු කරන ප්‍රමුඛ රටකි. ගෝලීයකරණය හමුවේ දක්ෂිණාංශික විශ්වාසදායක හඬකි. ආර්ථික විභවය, ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ දී තිබිය යුතු ඔරොත්තු දීමේ හැකියාව සහ භූ දේශපාලනික ප්‍රවේශය සම්බන්ධ අද්විතීය සම්මිශ්‍රණයක් ලබා දෙන මෙවැනි රටවල් සීමිතය. ආරක්ෂක සහයෝගීතාවේ සහ තාක්‍ෂණික හවුල්කාරිත්වයේ සිට ත්‍රස්තවාදයට එරෙහි සහ දේශගුණික ක්‍රියාමාර්ග දක්වා, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර එකිනෙක අදහස් සමග සමපාත වන ක්ෂේත්‍ර සංඛ්‍යාව වැඩි වෙමින් සහ එම ක්ෂේත්‍ර අතර සබඳතා පුළුල් වෙමින් පවතී.
එසේ තිබියදීත්, එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය පරිවර්තනීය නැම්මකට වර්තමානයේ දී මුලපුරා තිබේ. බදු පදනම් කරගත් වෙළෙඳ ආරවුල් උත්සන්න වීම, බලශක්ති මිලදී ගැනීම් සම්බන්ධයෙන් ද්විතීයික සම්බාධක තර්ජන ඉදිරියට පැමිණ තිබේ. එයට අමතරව තාක්‍ෂණික හුවමාරු වැඩසටහන් ඇතුළු සියල්ල ගමන්කරන දිසාව මගින් සම්මුතියක් ගොඩනගා ගැනීමට වඩා පීඩනය යෙදීමට ඇති කැමැත්ත නිරූපණය කරන බව දැක්විය හැකිය. ඇතැම් අවස්ථාවල හවුල්කරුවන් අතර එකඟනොවීම් තිබීම ස්වාභාවිකය. එසේ වුවද, එවැනි තත්ව සමග ක්‍රියාකරන ආකාරය වැදගත්ය. බලහත්කාරය පදනම් කරගත් උපාය මගින් හොඳ හිත බිඳ දමන අතර එරෙහි ප්‍රතිචාර සඳහා ද බලකිරීමකට තල්ලු කරයි.
හිටපු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් අනතුරු අඟවන ලද පරිදි, “තවත් කෙනකුට පුරුද්දක් ලෙස වෛර කරන හෝ පුරුද්දක් ලෙස ආදරය කරන ජාතිය යම් දුරකට වහලෙකි.” වර්තමාන ලෝකයේ, එයින් අදහස් කරන්නේ බියගැන්වීම සහ ආධිපත්‍යය යන අංග විදේශ ප්‍රතිපත්තියක පදනම බවට පත් කරගැනීම වෙනුවට, සමබරතාව, ගෞරවය සහ අන්‍යෝන්‍ය අරමුණු මත පදනම් වූ සහයෝගීතාව අනිවාර්ය කරුණක් බවය.
ස්වාධීනත්වය උදෙසා ඉන්දියාවේ උපායමාර්ගික කැපවීම කේවල් කළ හැකි පසුබිමක් නැත. එය ඔවුන්ගේ ඓතිහාසිකව මුල් බැසගත් අනන්‍ය ජාතික එකඟතාවකි. හවුල්කාරිත්වයන් ප්‍රතික්ෂේප කිරීමක් එහි නැත. රටවල් අතර හවුල්කාරීත්ව ගොඩනැගෙනවිට සමානාත්මතාවෙන් සහ අන්‍යෝන්‍ය ගෞරවය මත නිර්මාණය වන බව සහතික කිරීමයි. මෙවැනි පසුබිමක් තුළ ඉන්දියාව තම පැත්තට ගැනීම සඳහා “හිරිහැර කිරීම” ඔස්සේ ගන්නා උත්සාහ අසාර්ථකවීමට ඉඩ ඇත. ඒ හා සමානවම, යම් දිනක එක්සත් ජනපද අවශ්‍යතා ඉදිරියේ තරගකරනු හැකි රටක් බැවින් ඉන්දියාවේ නැගීම මෘදු කළ යුතු බවට තවමත් ඇතැම් අංශවල පවතින මතය ද හිරිහැරකාරීය. එම මනෝභාවය විසින් 21වැනි සියවසේ උපායමාර්ගික යථාර්ථය නොසලකා හරින අතර අයත් වන්නේ එකතුවීමෙකින් පලක් නොවන ආකාරයේ භූ දේශපාලනික යුගයකටය.
ආර්ථික බලවත්භාවයකින් නැගෙන ඉන්දියාව කිසිසේත් ඇමරිකා එක්සත් ජනපදයට තර්ජනයක් නොවේ. එය වත්කමකි. සාගර කලාපයේ ආරක්ෂාව, සැපයුම් චක්‍රය සමග කටයුතු කිරීම සහ නෛතික තත්ව මත පදනම් වූ අනුපිළිවෙළ පිළිබඳව ගැටලූ රටවල් දෙකටම තිබේ. එම සංදර්භය තුළ ඉන්දු - පැසිෆික් කලාපයේ ඉන්දියානු කාර්යභාරය අත්‍යවශ්‍ය සාධකයකි. ගෝලීය සන්ධර්භය ඉදිරියේ බහුපාර්ශ්වික ආයතන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන ඉල්ලීම් ඉන්දියාවේ හඬ විසින් ශක්තිමත් කරනු ඇත. එය ඇමරිකා එක්සත් ජනපදය විසින් ද සහාය දෙන බව ප්‍රකාශ වී තිබෙන වැදගත් න්‍යාය පත්‍රයකි. තාක්ෂණය සහ නවෝත්පාදනය සම්බන්ධයෙන් ගත් කල, සිලිකන් නිම්නයේ සිට බැංගලෝර් දක්වා, ඉන්දියානු සහ ඇමරිකානු සමාගම් වඩාත් තදින් බැඳී ඇති බැවින් මෙම ව්‍යුහය පසෙක තැබිය නොහැක.
එක්සත් ජනපදය ඇතිකරන ලද පීඩනය මත පදනම් වූ වත්මන් මාවතේ අඛණ්ඩව ගමන් කරන්නේ නම්, දිගුකාලීන උපායමාර්ගික සහයෝගීතාවක් තිබුණු හොඳම හවුල්කරුවකු ඈත් කරගැනීමේ අවදානමක් එහි තිබේ. රටවල් අතර විශ්වාසය වටිනාම දෙය වන බහු ධ්‍රැවීය ලෝකයක, එවැනි ඈත්වීම් හේතුවෙන් කල් පවතින ප්‍රතිවිපාක ඇතිවිය හැකිය. යුරෝපය සමග සබඳතා ගැඹුරු කිරීම, ආසියාන් සංවිධානය සමඟ සබඳතා පුළුල් කිරීම, දකුණු-දකුණු සහයෝගීතාව ශක්තිමත් කිරීම වැනි විකල්ප ඉන්දියාවට තිබේ. තමන් සීමා කර ඇති බව හෝ අගෞරවයට පත් කර ඇති බවක් ඉන්දියාවට හැගෙන අවස්ථාවක ඉන්දියාව එම අවකාශය භාවිතා කරනු ඇත.
ඉන්දියාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින සම්බන්ධතාව නැවත ගොඩනැගිය නොහැකි තත්වයට පත්ව ඇති බවක් මෙයින් අදහස් කරන්නේ නැත. එහෙත්, වොෂින්ටන් පාලනය තවත් ප්‍රමාද වීමට පෙර තම ගමන් මග වෙනස් කළ යුතුය. අන්‍යොන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහිත සහ සමපාත වන උපායමාර්ගික අරමුණු ඇති පමණක් නොව ස්ථාවර ගෝලීය පිළිවෙළක් හැඩගැස්වීමේදී එක්සත් ජනපදය සමඟ එකට කටයුතු කිරීමේ හැකියාව ඇති අත්‍යවශ්‍ය සගයකු ලෙස ඉන්දියාව පිළිගත යුතුය. ඉන්දියාව කළමනාකරණය කිරීමේ මානසිකත්වය වෙනුවට හවුල්කාරිත්වය ශක්තිමත්ව බලගැන්වීමේ ස්ථාවරයක් ගොඩනගා ගැනීම අවශ්‍ය බව එයින් අඟවයි. ඇමරිකා එක්සත් ජනපදයට ඉතිරිවී ඇති, තෝරාගැනීම ඉතා පැහැදිලිය. අවිශ්වාසය සහ බලහත්කාරය සමග ඉදිරියට ක්‍රියාකිරීම හේතුකොටගෙන ආසියාවේ ප්‍රබලම සගයකු අහිමි වීමේ ප්‍රතිවිපාකවල අවදානම ගන්නවාද? නැතහොත්, ඉන්දියාවේ නැගීම පිළිගෙන, එමගින් තමන්ගේම මූලෝපායික පදනම ශක්තිමත් කරගැනීමට අවස්ථාවක් කරගන්නවාද? යන්නය.
හිටපු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් අනතුරු අඟවන ලද පරිදි, “තවත් කෙනකුට පුරුද්දක් ලෙස වෛර කරන හෝ පුරුද්දක් ලෙස ආදරය කරන ජාතිය යම් දුරකට වහලෙකි.” වර්තමාන ලෝකයේ, එයින් අදහස් කරන්නේ බියගැන්වීම සහ ආධිපත්‍යය යන අංග විදේශ ප්‍රතිපත්තියක පදනම බවට පත් කරගැනීම වෙනුවට, සමබරතාව, ගෞරවය සහ අන්‍යෝන්‍ය අරමුණු මත පදනම් වූ සහයෝගීතාව අනිවාර්ය කරුණක් බවය.
(ද ඉන්දියන් එක්ස්ප්‍රස් හි පළ කරන ලද ලිපියකි. ලේඛකයා ශ්‍රී ලංකාවේ හිටපු කැබිනට් අමාත්‍යවරයකු වූ අතර ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කර ඇත. පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘය. [email protected] ලිපිනයෙන් සම්බන්ධ විය හැකිය)
නැගී එන ඉන්දියාව තර්ජනයක් නොව වත්කමක්