IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


දෙසැම්බර් පළමු දින හතරේදී රේගුවට රුපියල් බිලියන 28.187 ක ආදායමක්

විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසර ආරම්භයේ සිට නොවැම්බර් 30 වැනිදා දක්වා සියලු‍ම මාසික ආදායම් ඉලක්ක ශ්‍රී ලංකාව රේගුව පසුකර ඇති බවත්, මෙම මස පළමු දින හතර තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 28.187 ක ආදායමක් උපයා ඇති බවත් නවතම රේගු දත්ත වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව මෙම වසරේ අදායම් ඉලක්කය වූ රුපියල් ට්‍රිලියන 2.115 ක මුදල ශ්‍රී ලංකා රේගුව පහසුවෙන් පසුකර ඇති බවත්, මෙම වසර ආරම්භයේ සිට පසුගිය 4 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියන 2.288 ක ආදායමක් උපයා ඇති බවත් නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා රේගුවේ දෙසැම්බර් මාසයේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 215.53 කි. ශ්‍රී ලංකා රේගුව මෙම වසරේදී වැඩිම ආදායමක් උපයා ඇත්තේ ඔක්තෝබර් මාසයේදී වන අතර, එම මාසයේදී ශ්‍රී ලංකා රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන 277.63 කි. ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 205.05 ක් වූවේය. මෙම වසරේදී ශ්‍රී ලංකාව රේගුව අඩුම ආදායමක් උපයා තිබුණේ පෙබරවාරි මාසයේ වන අතර, එම මාසයේදී ශ්‍රී ලංකා රේගුව උපයා ඇති ආදායම රුපියල් බිලියන 126.15 කි. එම මස ආදායම් ඉලක්කය රුපියල් බිලියන 126 ක් විය.



අදහස් (0)

දෙසැම්බර් පළමු දින හතරේදී රේගුවට රුපියල් බිලියන 28.187 ක ආදායමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site