IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


දේශාල් ඩි මෙල් කැපිටල් එලායන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ 

කැපිටල් එලායන්ස් පීඑල්සී (CAL) සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දේශාල් ඩි මෙල් පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව සැප්තැම්බර් 04 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ.

මෙම පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේද අනුමැතිය හිමිව ඇතැයි සමාගම පවසයි. රජයේ, මූල්‍ය වෙළෙඳපොළ තුළ මෙන්ම සමාගම් තුළත් වසර 20 කට අධික කාලයක අත්දැකීම් සහිත ආර්ථික විද්‍යාඥයකු වන දේශාල් ඩි මෙල් මහතා මේ වනවිට ආසියානු සංවර්ධන බැංකුව (ශ්‍රී ලංකාව), ලෝක බැංකු සමූහය (ශ්‍රී ලංකාව) සහ කැපිටල් එලායන්ස් සමූහයෙහි උපදේශකවරයකු ලෙස ද කටයුතු කරයි. මීට පෙර ඒ මහතා සම්පත් බැංකුව, ජනශක්ති රක්ෂණ සමාගම තුළ ජ්‍යෙෂ්ඨ තනතුරු දරා තිබේ.

 



අදහස් (0)

දේශාල් ඩි මෙල් කැපිටල් එලායන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site