IMG-LOGO

2026 ජනවාරි මස 07 වන බදාදා


දේශීය අධ්‍යයනය ගෝලීය උපාධිය IIHS Multiversity

ලෝකය තවදුරටත් එකිනෙකට සම්බන්ධ වන මෙම යුගයේ උසස් අධ්‍යාපනය විශාල පරිවර්තනයකට ලක් වෙමින් පවතී. විදේශ අධ්‍යාපන වියදම් ඉහළ යාම, වීසා සීමා දැඩි වීම සහ ගෝලීය වශයෙන් දක්ෂ වෘත්තිකයන්ට ඇති ඉල්ලු‍ම වැඩි වීම, ශිෂ්‍යයන් උසස් අධ්‍යාපනය ලබන්නේ කොතැනද, කෙසේද යන්න පිළිබඳ ඔවුන්ගේ තීරණ නැවත සළකා බැලීමට හේතු වී ඇත. මෙවන් පසුබිමක IIHS Multiversity  “දේශීය අධ්‍යයනය ගෝලීය උපාධිය” යන සංකල්පය හරහා ශ්‍රී ලංකාවේ ගෝලීය සෞඛ්‍ය විශ්ව විද්‍යාලය ලෙස ස්ථානගත වෙමින් දේශීයව අධ්‍යාපනය ලබමින් ගෝලීය වශයෙන් පිළිගත් උපාධි, වෘත්තීය සහ රැකියා අවස්ථා ලැබීමේ හැකියාව උදා කරයි.
 සාම්ප්‍රදායික විදේශ අධ්‍යාපන ආකෘතිවලට අද බොහෝ ශිෂ්‍යයන්ට ප්‍රවේශය අඩු වෙමින් පවතී. ඒ අතරතුර ගෝලීය සෞඛ්‍ය පද්ධති, ඩිජිටල් ආර්ථික සහ සේවා කර්මාන්ත දක්ෂ වෘත්තිකයන්ගේ දැඩි හිඟයකට මුහුණ දී සිටී. මෙම පසුබිම තුළ ඇති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ විදේශ ගමන් අවශ්‍යතාවකින් තොරව ගෝලීය අධ්‍යාපනය සපයන්නේ කෙසේද යන්නයි. IIHS Multiversity  මෙම අභියෝගයට ප්‍රතිචාර දක්වන්නේ ශ්‍රී ලංකාවේදී දෙන ගෝලීය මට්ටමේ ප්‍රායෝගික හා අනාගතගාමී අධ්‍යාපන ආකෘතියක් හරහාය. එය ගෝලීය විශ්ව විද්‍යාල හා කර්මාන්ත හවුල්කාරිත්ව, රැකියා අවශ්‍යතා සහ සෘජු වෘත්තීය මාර්ග සමඟ සම්බන්ධ කර ඇත.
 සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක සිට ගෝලීය සෞඛ්‍ය විශ්ව විද්‍යාලයක් දක්වා වසර 20කට අධික කාලයක් පුරා සෞඛ්‍ය අධ්‍යාපනයේ නායකත්වය දැරූ IIHS මේ වන විට 8,000කට අධික සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කරමින් ශ්‍රී ලංකාව තුළද විදේශීය සෞඛ්‍ය පද්ධති තුළද සේවය කරවීමට සමත් වී ඇත. මෙම උරුමය මත IIHS අද Multiversity ලෙස පරිණාමය වී ගෝලීය සෞඛ්‍ය විශ්ව විද්‍යාලයක් ලෙස නව අධ්‍යාපන පරිසරයක් ගොඩ නගා ඇත. මෙම Multiversity ව්‍යුහය තුළ සෞඛ්‍යය හා ජීව විද්‍යාව, ඩිජිටල් සෞඛ්‍යය, ව්‍යාපාර හා සෞඛ්‍ය කළමනාකරණය, අධ්‍යාපනය, ක්‍රීඩා විද්‍යාව, පෝෂණය, මනෝ විද්‍යාව සහ අදාළ ක්ෂේත්‍ර එකට ඒකාබද්ධ කර ඇත. දේශීය අධ්‍යයනය ගෝලීය උපාධි ආකෘති, ගෝලීයව පිළිගත් උපාධි, දේශීය ප්‍රවේශය, ජාත්‍යන්තර රැකියා අවස්ථා, ටොප්-අප් හා ට්‍රාන්ස්ෆර් අවස්ථා සහ විශ්ව විද්‍යාල - කර්මාන්ත හවුල්කාරිත්ව මත පදනම් වේ. එමඟින් ශිෂ්‍යයන්ට ශ්‍රී ලංකාවේ සිටම ගෝලීය වශයෙන් තරගකාරී වෘත්තීය මාර්ගයකට පිවිසීමට හැකියාව ලැබේ.
 සංවිධානාත්මක අධ්‍යාපන ආකෘතියේ ගෝලීය පිළිගැනීම සහ පැහැදිලිතාව වැඩි කිරීමට IIHS Multiversity  සියලු‍ අධ්‍යාපන ක්ෂේත්‍ර වෙනම උප-සන්නාම ලෙස සංවිධානය කර ඇත. ඒ අතරට , IIHS Nursing, IIHS Physio, IIHS BioMed, IIHS Digital Health, IIHS Health Administration, IIHS Business, IIHS Education, IIHS Sports Sciences, IIHS Nutrition, IIHS Psychology සහ IIHS Foundation  ඇතුළත් වේ. මෙම සියලු‍ ක්ෂේත්‍ර ගෝලීය සෞඛ්‍ය විශ්ව විද්‍යාලය යන එකම දැක්ම යටතේ ක්‍රියාත්මක වේ. ගෝලීය මට්ටමේ ප්‍රමිති දේශීයව ක්‍රියාත්මක කරමින් IIHS Multiversity  ශ්‍රී ලංකාව කලාපීය අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට දායක වේ. එමෙන්ම සමාජයට වගකීමෙන් සහ ගෝලීය අභියෝගවලට නිවැරැදිව ප්‍රතිචාර දක්වන වෘත්තිකයන් බිහි කිරීමද එහි අරමුණ වේ. ගෝලීය උපාධි ආකෘතිය ප්‍රවේශය, ගුණාත්මකභාවය සහ ගෝලීය සම්බන්ධතාව සමබර කරන ශක්තිමත් මාර්ගයක් ලෙස ඉදිරිපත් වේ. 



අදහස් (0)

දේශීය අධ්‍යයනය ගෝලීය උපාධිය IIHS Multiversity

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site